මාර්තු 28, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    මව්කිරි දීමේ වැදගත්කම පිළිබඳව ආකල්ප ප්‍රවර්ධනය කළ යුතුයි

    ඔක්තෝබර් 13, 2015

    බෝ නොවන රෝගවලින් දරුවන් වළක්වාගත් හැක්කේ දරුවන්ට මව්කිරි පමණක් මුල් මාස හය තුළ ලබාදීමෙන් බවත් මව්කිරි දීමේ වැදගත්කම පිළිබඳව ආකල්ප ප්‍රවර්ධනය කළ යුතු බවත් පවුල් සෞඛ්‍ය කාර්යාංශයේ අධ්‍යක්ෂ වෛද්‍ය එච්. බෙනරගම මහතා පවසයි.

    ''මව්කිරි සහ රැකියාව'' සලසමු ඒ හැකියාව මැයෙන් සෞඛ්‍ය අධ්‍යාපන කාර්යාංශය් විසින් සංවිධානය කළ මාධ්‍යවේදීන් දැනුවත් කිරීමේ සම්මන්ත්‍රණයේ දී අඳහස් දක්වමින් වෛද්‍ය බෙනරගම මහතා මේ බව පැවසී ය.සෞඛ්‍ය අධ්‍යාපන කාර්යාංශයේ දී මාධ්‍ය සම්මන්ත්‍රණය පැවැත්විණි.

    කිරිදීමේ සතිය දිනකට සතියකට සීමා විය යුතු නෑ.මව සහ දරුවා අතර සබදතාවය වැඩිදියුණු කිරීමට මව් කිරි දීම ඉවහල් වෙනවා.පළමු මාස හය තුළ මව්ක්‍රි පමණක් ලබාදීම සිදු කළ යුතුය.දරුවා ඉපදී පැයක් ඇතුළත මව් කිරි දීම ආරම්භ කළ යුතුයි.

    රැකියා ස්ථානවල ගැබිණි මව්වරුන්ට, කිරිදෙන මව්වරුන්ට අවශ්‍ය පහසුකම් නිවාඩු ලබාදිය යුතුයි. මේ සම්බන්ධයෙන් ප්‍රතිපත්ති සම්පාදකයන්ගේ අවධානය යොමු විය යුතුයි.එමෙන් ම මව්කිරි ලබාදීමෙන් දරුවන් ආසාදනවලින් මුදවා ගත හැකියි.


    බෝනොවන රෝගවලින් දරුවන් මුදවා ගැනීමට මව්කිරි දරුවන්ට ලබාදීමෙන් හැකි වෙනවා.සෞඛ්‍ය අමාත්‍යාංශය මව්කිරි දීම ප්‍රවර්ධනය කිරීමේ වැඩසටහන් ක්‍රියාත්මක කර තිබෙනවා.''ළඳරු මිතුරු රෝහල්'' නමින් ගැබිණි වාට්ටුවල ළඳරු මිතුරු සංකල්පය ක්‍රියාත්මක කරනවා. ''මව්කිරි කළමනාකරණ මධ්‍යස්ථාන'' රජයේ රෝහල් 48ක ක්‍රියාත්මක වෙනවා.

    මව්කිරි ලබාදීම කෙරෙහි පිටිකිරි විශාල තර්ජනයක් වී තිබෙනවා.මේ සම්බන්ධයෙන් සමාජය තුළ කථිකාවක් ඇතිකළ යුතුයි. ජනතාවගේ සිත්තුළ මව්කිරි දීමේ වැදගත්කම පිළිබඳව ආකල්ප ප්‍රවර්ධනය කළ යුතු බවද වෛද්‍ය බෙනරගම මහතා පැවසී ය.

    මේ අවස්ථාවට සහභාගී වූ සෞඛ්‍ය අධ්‍යාපන කාර්යාංශයේ අධ්‍යක්ෂ වෛද්‍ය අමල් හර්ෂ ද සිල්වා මහතා සඳහන් කළේ, දරුවන් ජාතික වස්තුවක් බවත් මව් කිරි දීම ඉතා වැදගත් බවත් හරි දේ කිරීමට මව්වරුන් දැනුවත් කළ යුතු බවත් පිටි කිරි පිළිබඳ සමාජ ආකල්පය වෙනස් කළ යුතු බවත් පැවසී ය.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya