අප්‍රේල් 16, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    ඉන්දු ශ්‍රී ලංකා ධීවර ගැටළුවට සියළු පාර්ශව වලට පිළිගත හැකි විසඳුමක්....

    ඔක්තෝබර් 13, 2015
    ධීවරයින් මුහුදු සීමා උල්ලංඝනය කිරීම හේතුවෙන් හොඳ හිත පළුදු වී රාජ්‍ය තාන්ත්‍රික ගැටළු පවා මතු විය හැකි මෙම අර්බුදයට තිරසාර විසඳුමක් සියළු පාර්ශව වල එකඟත්වය මත ලබා දිය යුතු බැවින් ඒ සඳහා සර්ව පාක්ෂික කමිටුවක් කැඳවිය යුතුයැයි  ධීවර රාජ්‍ය අමාත්‍ය දිලිප් වෙදආරච්චි  මහතා පවසයි. 
    ඒ මහතා මෙසේ අදහස් දැක්වුයේ ඉන්දු ශ්‍රී ලංකා ධීවර ගැටළුව පිළිබඳ ජනතා විමුක්ති පෙරමුණේ විජිත හේරත් මන්ත්‍රීවරයා පාර්ලිමේන්තු සභාව කල් තැබීමේ විවාදය සඳහා ඉකුත් සිකුරාදා යෝජනාවක් ඉදිරිපත් කළ අවස්ථාවේදී එහි පිළිතුරු කතාව කරමිනි.
     
    දිනෙන් දින වර්ධනය වෙමින් පවතින ඉන්දු ශ්‍රී ලංකා ධීවර ගැළුවලට තිරසාර විසඳුමක් සඳහා සියළු පාර්ශව වලට පිළිගත හැකි එමෙන්ම ජ්‍යාත්‍යන්තරයේ අවධානය ද  දිනා ගතහැකි විසඳුම් යෝජනාවලියක් ධීවර හා ජලජ සම්පත් රාජ්‍ය අමාත්‍ය දිලිප් වෙදආරච්චි මහතා විසින් යෝජනා කර ඇත.
     
    විද්‍යාත්මක කරුණු මත අදාළ විසඳුම් ලබා දීමට සංරක්ෂිත මුහුදු කලාපයක් ප්‍රකාශයට  පත් කිරීම හා කෘතීම කොරල්පර ව්‍යාපෘතියක් ක්‍රියාත්මක කර ඒ තුළින් අන්තර් ජාතික අවධානය මෙම ගැටළුව විසඳීමට යොමු කරවා ගැනීමද දිලිප් වෙදආරච්චි මහතා ඉදිරිපත් කළ විසඳුම් යෝජනාවලියට ඇතුළත්.
     
    මෙය අන්තර් ජාතික සමුද්‍රීය සම්මුතීන්ට අනුකුලව සිදුකිරීම හා ජාත්‍යන්තර පරිසර සංවිධාන දැනුවත් කිරීම තුළින් මෙම ඉන්දු ලංකා ධීවර ගැටලුවේ ඇති  බැරෑරුම් බව මෙන්ම ඒ කෙරෙහි අන්තර් ජාතික අවධානය දින ගැනීමේ අවස්ථාව උදා වන බවද අමාත්‍යවරයාගේ අදහසයි.
     
    පේදුරුතුඩුව සහ වෙත්තලකර්නි ප්‍රදේශයට නැගෙනහිරින්  ශ්‍රී ලංකා මුහුදු ප්‍රදේශයේ මසුන් මරමින් සිටි ඉන්දීය ධිවරයින් 19 දෙනෙකු, විශාල ප්‍රමාණයේ යකඩ බෝට්ටු දෙකක් සමඟ ශ්‍රී ලංකා වෙරළ ආරක්ෂක නිලධාරීන් අත්අඩංගුවට ගත් අතර එම යාත්‍රා දෙකෙහි තිබී මත්ස්‍ය කිලෝග්‍රෑම් හාරදහසක් ද වෙරළ ආරක්ෂක නිලධාරීන්ගේ බාරයට ගෙන තිබිණි. 
    එම අත්අඩංගුවට ගැනීම සම්බන්ධයෙන් කරුණු දැක්වූ අමාත්‍යවරයා ,ඉන්දීය ධීවරයින් සතුව තිබී එලෙස ලබා ගන්නා මත්ස්‍ය  අස්වැන්නට නිසි වටිනාමකක් නොලැබෙනවාසේම එම මත්ස්‍ය අස්වැන්න වෙන්දේසි කර ලබා ගන්න ආදායම මහා භාණ්ඩාගාරය වෙත යොමු කිරීම පවතින ක්‍රමවේදය බවද පෙන්වා දේ . ඒ වෙනුවට  එම මත්ස්‍ය අස්වැන්න සඳහා නියම වටිනාකම තක්සේරු කර ශ්‍රී ලංකා ධීවර සංස්ථාවට ලබා දී එමඟින් ලැබෙන අදායමෙන් කොටසක් උතුරේ ධීවර ජනතාවගේ සුභ සිද්ධිය සඳහා යෙදවීම පිණිස අරමුදලක් ඇති කළ යුතු බව  දිලිප් වෙදආරච්චි  මහතා පවසයි.
     එම ක්‍රමවේදය මඟින්  ධීවර සංස්ථාව මුහුණ පා සිටින මුල්‍ය අර්බුදයට ද  විසඳුමක් ලැබෙනු ඇතැයි අපේක්ෂා කරන බව අමාත්‍යතුමා වැඩිදුරටත් පැවසීය.
     
    උද්ගතව ඇති තත්වය පිළිබඳව යුරෝපා සංගමය ඉන්දීය සාගර ටූනා කොමිසම වැනි ජාත්‍යන්තර සංවිධාන දැනුවත් කිරීම මඟින් තහනම් පන්න ක්‍රම භාවිතය නැති කළ හැකි බව අමාත්‍යතුමා පෙන්වා දුන්නේය. මෙම ධීවර ගැටලුවට කඩිනම් විසඳුමක් ලබා නොදුනහොත් ඉකුත් නම වැනිදා අත්අඩංගුවට ගත් ආකාරයේ විශාල ප්‍රමාණයේ  යකඩ බෝට්ටු ශ්‍රී ලංකා මුහුදු සීමාවට ඇතුළු වුවහොත් ගැටළුව තව තවත් බරපතල වනු ඇති  බවද අමාත්‍යවරයා පවසයි.
     
    AP

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya