අප්‍රේල් 25, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    චීන රජයේ විශේෂ නියෝජිතවරයාගේ ලංකා සංචාරය

    ඔක්තෝබර් 13, 2015

    චීන මහජන සමුහාණ්ඩු රජයේ විශේෂ නියෝජිත හා විදේශ කටයුතු උප අමාත්‍ය ලියු සෙන්මින් මහතා 2015 ඔක්තෝමිබර් 07-09 දිනවලදී ශ්‍රී ලංකාවේ නිල සංචාරයක නියැලූණු අතර එම සංචාරය අතරතුරදී ඒ මහතා ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මැතිතුමා හා අග්‍රමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා හමු විය.

    චීන රජයේ විශේෂ නියෝජිතවරයා විදේශ කටයුතු අමාත්‍යාංශයේ දී විදේශ කටයුතු අමාත්‍ය මංගල සමරවීර මහතා ද හමු වූ අතර එහීදි දේශපාලන, ආර්ථීක, සංවර්ධන සහයෝගීතාව හා දෙරටේ ජනතාව අතර සබඳතා ඇතුළුව දෙරටටම වැදගත් කරුණු රාශියක් පිළිබඳව සාකච්ඡා කළේය.

     

    එහිදී ශ්‍රී ලංකාවේ නව ජාතික ආණ්ඩුවට චීන රජයේ උණුසුම් සුභ පැතුම් පිරිණැමූ අතර පවතින මිත්‍ර සබඳතා තවදුරටත් ශක්තිමත් කිරීම සඳහා චීන රජයේ සහය සහ සහයෝගීතාව ලබා දෙන බවට සහතික විය.

     

    ද්විපාර්ශ්වික වශයෙන් හා බහු පාර්ශ්වික වශයෙන් ශ්‍රී ලංකාවට චීනය ලබා දුන් සහාය පිළිබඳව ප්‍රසංසාව පළ කරමින් විදේශ කටයුතු අමාත්‍ය මංගල සමරවීර මහතා ශ්‍රී ලංකාව හා චීනය අතර පවතින මිත්‍රත්වය හා සහයෝගීතාව පිළිබදව මෙහිදී සඳහන් කළේය. තවද මෙම සබදතා තවදුරටත් වර්ධනය කිරීම සඳහා නව රජය දරන ප්‍රයත්නය පිළිබදව අවධාරණය කළේය.  

     

    චීන විදේශ කටයුතු අමාත්‍යාංශයේ ජ්‍යෙෂ්ඨ නිලධාරීහු සහ ශ්‍රී ලංකාව සඳහා චීන තනාපතිවරයා, විශේෂ නියෝජිත ලියු සෙන්මින් මහතා සමඟ මෙම අවස්ථාවට සහභාගී වූහ.

     

    SDF

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya