අප්‍රේල් 20, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    ප්‍රශ්නය විසඳන ශක්තිමක් වැඩපිළිවෙළකට රජය යොමු වෙලා

    ඔක්තෝබර් 13, 2015

    රටේ දරුවන්ට සුරක්ෂිත හෙට දවසක් සඳහා රැකියා අවශ්‍ය බව ශ‍්‍රී ලංකා පාර්ලිමේන්තුවේ සභා නායක, විශ්වවිද්‍යාල අධ්‍යාපන හා මහාමාර්ග අමාත්‍ය ලක්ෂ්මන් කිරිඇල්ල මහතා පැවසීය.

    අපේ රටට බලපාන ප‍්‍රධාන ප‍්‍රශ්ණ කිහිපය විසඳා ගැනීමට රටේ ප‍්‍රධාන පක්ෂ හා අග‍්‍රාමාත්‍ය රනිල් වික‍්‍රමසිංහ මැතිතුමාත් ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන මැතිතුමාත් අතර සම්බන්ධය අද වන විට ශක්තිමත් වැඩපිළිවෙළකට යොමු වී තිබෙන බවත් අමාත්‍යවරයා සඳහන් කළේය.

    යටිනුවර එක්සත් ජාතික පක්ෂ ආසන බලමණ්ඩලයේ ජනහමුවකට එක්වෙමින් පසුගියදා අමාත්‍යවරයා මේ බව සඳහන් කළේය.

    උතුරු නැගෙනහිර ප‍්‍රශ්ණය විසඳීමට හා මෙරටට එල්ල වී ඇති ජාත්‍යන්තර ප‍්‍රශ්ණ විසඳීමට එක්සත් ජාතික පක්ෂය සහ ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂය එකට එකතු වී අත්වැල් බැඳගෙන සිටින බවත් මෙම ප‍්‍රශ්ණ දෙක විසඳා ගතහොත් පමණක් අපේ රටට විදේශ ආයෝජකයින් පැමිණෙන බවත් ඒ මහතා පෙන්වා දුන්නේය.

    රට සංවර්ධනය කිරීමට ආයෝජන අවස්ථා පුළුල් විය යුතු බවත් අලුත් කර්මාන්තශාලා ආරම්භ කර රටේ තරුණ තරුණියන්ට රැකියා අවස්ථා ආරම්භ කිරීමට නම් අපි මෙම ප‍්‍රශ්න විසඳාගත යුතු බවත් අමාත්‍යවරයා අවධාරණය කළේය.

    නව රජය යටතේ ජාත්‍යන්තර සහයෝගය ලබා ගෙන උතුරු නැගෙනහිර ප‍්‍රශ්ණය වගේම මානව හිමිකම් ප‍්‍රශ්ණය විසඳීමට කටයුතු කර තිබෙන අතර ඒ සඳහා අද දේශීය පරීක්ෂණයක් ආරම්භ කර තිබෙන බව ඒ මහතා සඳහන් කළේය.

    මෙම අවස්ථාවට ව්‍යවසාය සංවර්ධන අමාත්‍ය සහ එක්සක් ජාතික පක්ෂ මහලේකම් කබීර් හෂීම්, පාර්ලිමේන්තු මන්ත‍්‍රී මයන්ත දිසානායක යන මහත්වරුන් සහ පළාත් සභා සහ ප‍්‍රාදේශීය සභා මන්ත‍්‍රීවරු ඇතුළු පිරිසක් සහභාගී වූහ.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya