මාර්තු 28, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    ඇස්බැන්දුම් වෙනුවට දරුවන්ගේ සිහින සැබෑ කරන තිරසාර වැඩපිළිවෙළක්

    ඔක්තෝබර් 11, 2015

    වත්මන් ආණ්ඩුවේ ඒකායන අරමුණ වන්නේ දරුවන් වෙනුවෙන් යහපත් අනාගතයක් තිළිණ කිරීම බවත් කෙටි කාලීන සංදර්ශන හෝ ඇස්බැන්දුම් වෙනුවට දරුවන්ගේ සිහින සැබෑ කරන තිරසාර වැඩපිළිවෙළක් වෙත රජයේ අවධානය යොමු වී තිබෙන බවත් ප්‍රාථමික කර්මාන්ත අමාත්‍ය දයා ගමගේ මහතා පවසයි.

    පැවති ආණ්ඩුව සමයේ අවම වශයෙන් ළමුන් සතුටු කිරීම වෙනුවෙන් ප්‍රදර්ශනයක් හෝ සැණකෙළියක් හෝ පැවැත්වීමට ඉඩ නොදුන් බව ඊයේ (10) පස්වරුවේ කල්මුණේ මරිය තෙරේසා විද්‍යාලයේ වර්ණ රාත්‍රියේ ප්‍රධාන ආරාධිතයා ලෙස සහභාගී වූ අවස්ථාවේ දී අමාත්‍යවරයා මේ බව සඳහන් කළේය.

    මීට වසර කිහිපයකට පෙර, සියලු පිරිවැය දරමින් තමාගේ පුද්ගලික වියදමින් ලෝක ළමා දිනය වෙනුවෙන් පැවැත්වීමට සූදානම් කර තිබූ දිගාමඩුලූ නවෝදය ළමා සැණකෙළිය පැවැත්වීමට පවා අවස්ථා ගණනාවක දී බාධා එල්ල කළ බව දයා ගමගේ මහතා කියා සිටියේය.

    "නමුත්, පසුගිය වසර ගණනාවක් පුරා ළමුන් වෙනුවෙන් දැවැන්ත සැණකෙළියක් තිළිණ කිරීමට තමාට තිබූ සිහිනය මෙවර සැබෑ කර ගනු ලැබීය. දරුවන්ගේ විනෝදය පවා ඇහිරූ අඳුරු අතීතයක් හිමි වත්මන් විපක්ෂ කණ්ඩායම්, අද සේයා සදෙව්මි දැරියට සිදු වූ ඛේදවාචකය වැනි අවස්ථාවන් වලදී දරුවන් ගැන දුක් වෙන බව පෙන්වමින් කිඹුල් කඳුළු සලමින්, ඒ හරහා ද දේශපාලන වාසි ලබා ගැනීමට උත්සාහ දරණ බව දක්නට ලැබේ."

    මෙහිදී අමාත්‍ය දයා ගමගේ මහතා විසින් පසුගිය වසරේ ක්‍රිඩා අංශයේ දක්ෂතා දැක්වූ සිසුන් වෙනුවෙන් සම්මාන හා සහතික ප්‍රධානය කළ අතර මරිය තෙරේසා විදුහල විසින් අමාත්‍යවරයා වෙත විශේෂ සමරු තිළිණයක් ද පිළිගැන්වීය.

    මෙම අවස්ථාවට ඛණිජතෙල් සම්පත් සංවර්ධන නියෝජ්‍ය අමාත්‍ය වෛද්‍ය අනෝමා ගමගේ මහත්මිය, පළාත් හා කලාප අධ්‍යාපන බලධාරීන් ද විදුහල්පති ප්‍රමුඛ ආචාර්ය මණ්ඩලය, සිසුන් සහ දෙමව්පියන් විශාල පිරිසක් සහභාගී වී සිටියහ.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya