අප්‍රේල් 23, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    ජාතික කෘෂිකාර්මික ප්‍ර‍තිපත්තියක් වෙනුවෙන් වාද්දුව ප්‍ර‍කාශනය එළිදකියි.

    ඔක්තෝබර් 09, 2015
     
    ජාතික කෘෂිකර්ම ප්‍ර‍තිපත්තියක් වෙනුවෙන් “වාද්දුව ප්‍ර‍කාශනය ” ට අත්සන් තැබීම කෘෂිකර්ම අමාත්‍ය දුමින්ද දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙන් වාද්දුව බ්ලූ වෝටර් හෝටලයේ පැවති පළාත් කෘෂිකර්ම අමාත්‍යවරුන්ගේ සමුළුවේ දී  සිදු කෙරිණි.
    හෙට දවසේ ආහාර සුරක්ෂිතතාවය වෙනුවෙන් මධ්‍යම රජය සහ සියලුම පළාත් සමඟ එක්ව සහයෝගයෙන් කටයුතු කර, එක් ප්‍ර‍තිපත්තියක් යටතේ ගොවීන් ශක්තිමත් කිරීම කෘෂිකර්ම අමාත්‍යාංශයේ අපේක්ෂාව බව අමාත්‍යවරයා මෙහිදී පැවසීය 
     
    වාද්දුව ප්‍ර‍කාශනයෙහි පහත සදහන් කරුණු අන්තර්ගත වේ.  
    1.  පුරප්පාඩු පිරවීමෙන් නිලධාරී හිඟය මග හරවා ගැනීම
    2.  ග්‍රාමීය වැව් ප්‍ර‍තිසංස්කරණය
    3.  නිලධාරීන්ට නිශ්චිතව ඉලක්ක ලබා දෙමින් වගකීමක් පැවරීම 
    4.  පුරන් කුඹුරු අස්වැද්දීම සඳහා තිබෙන බාධාවන් ඉවත්කර වගා කිරීමට හැකි කුඹුරු බවට පත් කිරීම
    5.  ගෙවතු වගා ප්‍ර‍චලිත කිරීම
    6.  පළතුරු වගාව ප්‍ර‍චලිත කිරීම
    7.  ඒ ඒ පළාත්වල අපනයන ගම්මාන පිහිටුවමින් වාණිජ කෘෂිකර්මාන්තයට යොමු කිරීම
    8.  සැකසුම් මධ්‍යස්ථාන ඇති කිරීම
    9.  මල් වගාව ප්‍ර‍චලිත කිරීම
    10. යාන්ත්‍රීකරණය ප්‍ර‍චලිත කිරීම
    11. දිස්ත්‍රික් මට්ටමින් කෘෂිකර්ම ප්‍ර‍දර්ශන පැවැත්වීම
    12. ණය පහසුකම් පිළිබඳව දැනුවත් කිරීම
    13. ගොවි බැංකුව හරහා ණය ලබා දීම
    14. දැනුම ගලා යාමට සැලැස්වීම
    15. ගොවි සංවිධාන ප්‍ර‍තිසංවිධානය කිරීම
    16. සියලුම ගොවීන් ලියාපදිංචි කිරීම (වගාව අනුව)
    17. දිස්ත්‍රික් මට්ටමින් ජාතික වැඩපිළිවෙල ක්‍රියාත්මක කිරීම සඳහා යාන්ත්‍ර‍ණයක් සූදානම් කිරීම
    18. වගා ළිං සඳහා ආධාර ලබා දීම (ජල පොම්ප සහ බට ලබා දීම)
    19. ගොවිජන සේවා මධ්‍යස්ථා ගොවීන්ගේ මහ ගෙදර බවට පත් කිරීම 
     
    වාද්දුව ප්‍ර‍කාශනය සඳහා  කෘෂිකර්ම අමාත්‍ය  දුමින්ද දිසානායක , ඌව පළාත් ප්‍ර‍ධාන අමාත්‍ය චාමර සම්පත් දසනායක , බස්නාහිර පළාත් කෘෂිකර්ම අමාත්‍ය ගාමිණී තිලකසිරි , සබරගමුව පළාත් කෘෂිකර්ම අමාත්‍ය  ශ්‍රී ලාල් වික්‍ර‍මසිංහ , උතුරු මැද පළාත් කෘෂිකර්ම අමාත්‍ය ආර්.එම්.පී.බී. රත්නායක , වයඹ පළාත් කෘෂිකර්ම අමාත්‍ය සුමල් තිසේරා , උතුරු පළාත් කෘෂිකර්ම 
    අමාත්‍ය පී.අයින්ගරනේසන් , දකුණු පළාත් කෘෂිකර්ම අමාත්‍ය යූ.ජී.ඩී. ආරියතිලක, මධ්‍යම පළාත් කෘෂිකර්ම අමාත්‍ය එම්. රාමේෂ්වරන් සහ නැගෙනහිර පළාත් කෘෂිකර්ම අමාත්‍ය කේ. තුරෙයිරාසසිංහම් යන මහත්වරුන් අත්සන් කළහ.
     
    AP

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya