අප්‍රේල් 25, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    ඉදිරියේ පැවැත්වෙන විභාග

    ඔක්තෝබර් 11, 2015

    ශ්‍රී ලංකා විදුහල්පති සේවයේ නිලධාරීන් සඳහා වන පළමුවන කාර්යක්ෂමතා කඩඉම් විභාග- 2015 විභාගය ලබන 17 වැනි දා කොළඹදී පමණක් පැවැත් වෙන බව ශ්‍රී ලංකා විභාග දෙපාර්තමේන්තුව සඳහන් කරයි.

    බෞද්ධ ධර්මාදාර්ය විභාගය -2014(2015) විභාගය ඔක්තෝම්බර් 24 දින සහ නොවැම්බර් 01 සහ 07 වැනි දා දිවයින පුරා ස්ථාපිත කෙරෙන විභාග මධ්‍යස්ථානවලදී පැවැත් වෙන බව ශ්‍රී ලංකා විභාග දෙපාර්තමේන්තුව සඳහන් කරයි.

    මෙම විභාගය සඳහා අයදුම්කරුවන් 28,525ක් සුදුසුකම් ලබා සිටිති.

    ශ්‍රී ලංකා කෘෂිකර්ම විද්‍යාලවලට ඇතුළත්වීම සඳහා පැවැත්වෙන තරග විභාගය- 2015 (කෘෂිකර්ම නිෂ්පාදන තාක්ෂණය පිළිබඳ ජාතික ඩිප්ලෝමා- පාඨමාලාව - 2016/2018) විභාගය ලබන 18 වැනි දා දිවයින පුරා ස්ථාපිත කෙරෙන විභාග මධ්‍යස්ථානවල දී පැවැත් වේ. එම විභාගය සඳහා 2,128ක් සුදුසුකම් ලබා සිටිති.

    ශ්‍රී ලංකා සත්ත්ව නිෂ්පාදන හා සෞඛ්‍ය සේවයේ නිලධාරීන් සඳහා වන දෙවැනි කාර්යක්ෂමතා කඩඉම් විභාගය- 2014 (2015) විභාගය ඔක්තෝම්බර් 24 සහ 25 දෙදින පේරාදෙණියේදී පමණක් පැවැත් වේ.

    වන සංරක්ෂණ දෙපාර්තමේන්තුවේ ශ්‍රී ලංකා තාක්ෂණ සේවයේ පුහුණු කිරීමේ ශ්‍රේණියේ අඩවි වන නිලධාරී තනතුරුවලට බඳවා ගැනීම සඳහ වන සීමිත තරග විභාගයේ -2015 විභාගය ඔක්තෝම්බර් 25 වැනි දා කොළඹදී පමණක් පැවැත් වේ.

    රාජ්‍ය කළමනාකරණ සහකාර සේවයේ 11 පන්තියේ නිලධාරීන් සඳහා වන කාර්යක්ෂමතා කඩඉම් විභාගය- 2012(1) (2015) (බන්ධනාගාර දෙපාර්තමේන්තුවේ 11 පෙළ ජේලර් හා 11 පෙළ සුබසාධක නිලධාරීන් සඳහා නුහුරු භාෂා වාචික පරීක්ෂණය) ඔක්තෝම්බර 26,28,29, හා 30 දිනවලදී කොළඹ දී පමණක් පැවැත් වේ.

    කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුවේ - ශ්‍රී ලංකා තාක්ෂණ සේවයේ විදුලි සංදේශ හා රේඩාර් කාර්මික නිලධාරී (111 ශ්‍රේණිය) තනතුරට බඳවා ගැනීමේ විවෘත තරග විභාගය 2014 (2015) විභාගය ඔක්තෝම්බර් 31 කොළඹදී පමණක් පැවැත් වේ.

    රෙජිස්ට්‍රාර් සේවයේ 111 පන්තියේ 11 ශ්‍රේණියේ තනතුරු සඳහා බඳවා ගැනීමේ විවෘත තරග විභාගය 2014 (2015) විභාගය ඔක්තෝම්බර් 31 වැනි දා තෝරා ගත් නගර 31 දී පැවැත්වීමට නියමිතය. ඒ සඳහා අයදුම්කරුවන් 15498ක් සුදුසුකම් ලබා සිටිති.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya