මැයි 12, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    ගුණාත්මක සහ සෞඛ්‍ය ආරක්ෂිත ත්‍රීපෝෂ නිෂ්පාදනය කරනවා

    සැප්තැම්බර් 08, 2015

    ඇතැම් මාධ්‍ය පිළිගත නොහැකි වාර්තා පලකර තිබුණත් කුඩා දරුවන්ට සහ ගැබිණි මව්වරුන්ට ලබාදෙන ත්‍රීපෝෂ ගුණාත්මක හා සෞඛ්‍ය ආරක්ෂිතව නිෂ්පාදනය කරන බව ශ්‍රී ලංකා ත්‍රීපෝෂ ආයතනයේ සභාපති එම්.ඩී බන්දු සේන මහතා පවසයි.

     

    ජා-ඇල, කපුවත්ත ප්‍රදේශයේ පිහිටි ශ්‍රී ලංකා ත්‍රීපෝෂ ආයතනය තුළ ත්‍රීපෝෂ නිෂ්පාදනය සිදු කෙරෙන ආකාරය පිළිබඳව ජනමධ්‍යවේදීන් දැනුවත් කිරීම සඳහා ක්ෂේත්‍රය නීරීක්ෂණය කිරීම ඊයේ (07) සිදු කෙරුණු අතර එහිදී මාධ්‍ය වෙත අඳහස් දක්වමින් සභාපතිවරයා මෙසේ පැවසී ය.

     

    ත්‍රීපෝෂ ආයතනය ඉතා සුවිශේෂී ආයතනයක්.ත්‍රීපෝෂ ලබාදෙන්නේ කිරිදෙන මව්වරුන්ට,ගබිණි මව්වරුන්ට සහ කුඩා දරුවන්ට.බඩ ඉරිගු, සෝයා, දේශීය පිටිකිරි ප්‍රධාන අමුද්‍රව්‍ය ලෙස භාවිතා කරනවා. ඇතැම් මාධ්‍ය විසින් වසවිස ඇතැයි පිළිගත නොහැකි වාර්තා පලකර තිබෙනවා. බඩඉරිගු සහ සෝයාවල ගුණාත්මක තත්ත්වය පිළිබඳ පරික්ෂාකර ත්‍රීපෝෂ නිෂ්පාදනය අප කරනවා යැයි සභාපතිවරයා පැවසී ය.


    dr shanthiවසර 42ක් පුරා ත්‍රීපෝෂ මෙරට මව්වරුන්ට,කුඩා දරුවන්ගේ මන්දපෝෂණය අඩු කිරීමට ත්‍රීපෝෂ ලබාදෙන බවත් එහි කිසිදු වසවිෂක් නොමති බව සෞඛ්‍ය අමාත්‍යාංශයේ පෝෂණ සම්බන්ධීකරණ අංශයේ අධ්‍යක්ෂිකා, වෛද්‍ය ශාන්ති ගුණවර්ධන මහත්මිය පැවසුවාය.

     

    දැනට ත්‍රීපෝෂ නිෂ්පාදනය වන්නේ ලක්ෂ 18ක් දෙනාට. මෙය පුළුල් කිරීමට අලුතින් යන්ත්‍ර ස්ථාපිත කිරීමට බලාපොරොත්තු වෙනවා. අපේ අවශ්‍යතාව ලක්ෂ 24ක්. ත්‍රීපෝෂ නිෂ්පාදනයේ අතිරික්තය ඉදිරියේ වෙළඳපොළට නිකුත් කිරීමට හෝ සුදුසු වැඩපිළිවෙළක් සැකසීමට ද බලාපොරොත්තු වන බව සභාපති එම්.ඩී.බන්දුසේන මහතා කීය.


    මේවනවිට ත්‍රීපෝෂ ලබාදෙන ප්‍රතිලාභීන් සංඛ්‍යාව මිලියන 13ක් පමණ වෙයි. ත්‍රීපෝෂ නිෂ්පාදනයේ දී එහි ප්‍රමිතිය පිළිබඳව විශේෂ සැකිල්ලක් කරන බව වෛද්‍ය ශාන්ති ගුණවර්ධන මහත්මිය පැවසීය.

     

    මෙහිදී විශේෂ පිරිවිතර අනුගමනය කරන බවත් ජාන තාක්ෂණයෙන් වෙනස් කරන ලද බීජවලින් නිෂ්පාදනය නොකරන ලද්දක් වීම,කෘමි නාශකවලින් තොර බවට සහතිකය,බැරලෝහ අඩංගු නොවීම යන සහභතික අනිවාර්යෙන් ම අවශ්‍ය වෙයි.

     

    මේ වැඩපිළිවෙල ඉතාම ආරක්ෂාකාරීව සිදු කෙරෙන බව කී වෛද්‍ය ශාන්ති ගුණවර්ධන මහත්මිය,  සෞඛ්‍ය අමාත්‍යාංශය සෘජු මැදිහත්වීමක් කරන බවද කීවාය.


    මේ අවස්ථාවට සෞඛ්‍ය අමාත්‍යාංශයේ ප්‍රධාන ගණකාධිකාරී සිරිමෙවන් රාජපක්ෂ,ත්‍රීපෝෂ ආයතනයේ තත්ත්ව ආරක්ෂණ කළමනාකාර අජිත් දිසානායක,යන මහත්වරු ඇතුළු නිලධාරීහු පිරිසක් සහභාගී වූහ.

     

    3posa

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya