මැයි 18, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    සැබෑ ජනවරමින් යුතු ආණ්ඩුවකින් රටේ සංවර්ධනයට අතගහනවා

    ජූනි 18, 2015
    සැබෑ ජනවරමින් යුතු ආණ්ඩුවක් අරගෙන ඉදිරියේදී මේ රටේ දැවැන්ත සංවර්ධනයකට අතගහන බව තලතා අතුකෝරල මහත්මිය පැවසවාය.
     
    ආණ්ඩු බලය තිබුනද නොතිබුනද තමන් හැමවිටම පෙනීසිටින්නේ නිවැරදි දේ වෙනුවෙන් බවද අමාත්‍යවරිය ප‍්‍රකාශ කළාය.
     
    බලංගොඩ ප‍්‍රදේශයේ පැවති ජනහමුවක් අමතමින් අමාත්‍යවරිය මේ බව ප‍්‍රකාශ කළාය. එහි දී වැඩිදුරටත් අදහස් දැක්වූ අමාත්‍යවරිය මෙසේ ද ප‍්‍රකාශ කළාය.
     
    ආණ්ඩු බලය තිබුණත් නැතත් මම කවදාවත් වැරදි දේට අනුබල දීලා නෑ.මම හැමදාම පෙනී සිටියේ හරි දේ වෙනුවෙන්. මම සාධාරණය වෙනුවෙන් තමයි හැමදාම කතාකළේ. දේශපාලන බල පුළුවන්කාරකම් කිරීමට මගේ දේශපාලනයේ කිසිම ඉඩක් නෑ.
     
    මම කවදාවත් පොලීසියට බලපෑම් කරලා නෑ. පසුගියදා කොටකෙතන පැවති උද්ඝෝෂණය පාලනය කරගන්න පුළුවන් වුනේ මම හිටිය නිසා. පොලීසියටවත් එය පාලනය කරගන්න බැරිව ගියා.මම හිටියේ නැත්නම් පොලීසියට ගහනවා.පසුගිය මැතිවරණ කාලයේ අපිට මතකයි පොලීසිය කොහොමද කි‍්‍රයාත්මක වුනේ කියලා.අද සියළු දූෂණ නතර වෙලා තියනවා.
     
     ඒ නතර කරපු මුදල් ටිකෙන් තමයි මේ ආණ්ඩුව වැඩ කරන්නෙ.දැන් අපිට  ඕන පාර්ලිමේන්තුව ඉක්මනින් විසුරවලා මැතිවරණයකට යන්න.ජනතාව දන්නවා අපි දුන් පොරොන්දු ඉටුකරනවා කියලා.හැබැයි ඉතින් එක රැයකින් ප‍්‍රශ්න සියල්ලම විසඳන්න බෑ. අපි සැබෑ ජනවරමින් යුතු ආණ්ඩුවක් අරගෙන ඉදිරියේදී මේ රටේ දැවැන්ත සංවර්ධනයකට අතගහනවා.දැනටමත් සැලසුම් සකස් කර අවසන් බවද අමාත්‍යවරිය පැවසුවය.

     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya