මැයි 18, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    එ.ජා.ප.යේ පසුපෙළ මන්ත්‍රීවරුන්ගෙන් සඳුදා සිට නව වැඩපිළිවෙළක්

    ජූනි 17, 2015

    පසුගිය කාලයේ සිදු වූ විශාල දූෂණ වංචා ලිපිගොනු සම්බන්ධයෙන් ජනතාව දැනුවත් කිරීමේ නව වැඩපිළිවෙළක් ලබන සඳුදා සිට එක්සත් ජාතික පක්ෂ පසුපෙළ මන්ත්‍රීන් 9 දෙනෙකුගෙන් යුත් කණ්ඩායමකින් ක්‍රියාත්මක කරන බව එක්සත් ජාතික පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රී නලින් බණ්ඩාර මහතා පැවසීය.

    රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ අද (17) පැවති විශේෂ මාධ්‍ය හමුවකට එක් වෙමින් ඒ මහතා මේ බව සඳහන් කළේය.

    මහමැතිවරණයක් පැවැත්වීමෙන් පසුව ජයග්‍රහණය කරන පක්ෂයට පාර්ලිමේන්තුවේ තුනෙන් දෙකක් ලබා ගැනීමට නොහැකි වීම තුළ සියලු පක්ෂවල සහයෝගයෙන් තුන් දෙකක බලයක් ලබා ගැනීමට සිදු වන බවත් එම නිසා මැතිවරණයෙන් පසු 20 වැනි ආණ්ඩු ක්‍රම ව්‍යාවස්ථා සංශෝධනයට යා හැකි බවත් මන්ත්‍රීවරයා සඳහන් කළේය.

    ජනතාවගේ අපේක්ෂාව නව පාර්ලිමේන්තුවක් බවත් නව පාර්ලිමේන්තුවක් තුළ සුළු පක්ෂ, සුළු ජාතීන්ගේ පක්ෂ සමඟ සාකච්ඡා කර 20 වැනි ආණ්ඩුක්‍රමය සංශෝධනය කර කළ හැකි බව වන්නි දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී හුනයිස් ෆාරුක් මහතා පැවසීය.

    දැන් පවතින මැතිවරණ වසර 10ක් ක්‍රියාත්මක වුව ද ජනතාවගේ නොදැනුවත්කම මත අවලංගු ඡන්ද වැඩි ප්‍රතිශයක් දක්නට ලැබෙන අතර නව ක්‍රමයක් කඩිනමින් ක්‍රියාත්මක කිරීමට යාම තුළ 50%ක් පමණ අවලංගු ඡන්ද ප්‍රතිශයක් දක්නට ලැබෙනු ඇති බව මන්ත්‍රීවරයා මෙහිදී පෙන්වා දුන්නේය.

    kpm

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya