මැයි 18, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    බෝඩ් සංකල්පය අළුත් රජය නතර කරනවා-ඇමතිනි තලතා අතුකෝරළ

    ජූනි 16, 2015
    ලොකුවට බෝඞ් ගහලා උත්සව තියලා ගම්වල කරපු පොඩි පොඩි සංවර්ධන උත්සව හා මුදල් නාස්ති කිරීමේ සංකල්පය අලූත් රජය නතර කරන බව විදේශ රැකියා අමාත්‍ය නීතීඥ තලතා අතුකෝරළ මහත්මිය පවසයි.
     
    රත්නපුර දිස්ති‍්‍රක් නිවිතිගල ආසනයේ දොරින් දොරට ගමින් ගමට වැඩසටහන ආරම්භ කරමින් කහවත්ත නුගවෙල ප‍්‍රජා ශාලාව අලූත්වැඩියා කිරීමේ උත්සවය අමතමින් අමාත්‍යවරිය මේ බව පැවසී ය.
     
    මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ අමාත්‍යවරිය, පසුගිය රජය සිදුකළේ, ජනතාවගේ මුදල් නාස්ති කිරීම හා වංචා කිරීම පමණයි. ජනතාවගේ අවශ්‍යතාවයන් හඳුනාගෙන ඒවාට විසඳුම් ලබාදීම මඟහැරියා. ඒ වෙනුවට කළේ, ගුවන්යානා නොඑන මත්තල වගේ ගුවන්තොටුපොළ ඉදිකිරීම පමණයි. ඒ සියලු නාස්තිකාර වැඩසටහන්වලදී තමන්ගේ නම, ඡුායාරූපය දාගෙන ලොකුවට බොරු කළා. පසුගිය රජය එක් පුද්ගලයෙකුගෙන් 
     420,000ක ණය කාරයෙක් කළා.
     
    නව රජයත්, ජනාධිපතිතුමාත්, අගමැතිතුමාත් පොළොවේ පය ගහලා ඉන්න නිසා ජනතාවගේ දුක තේරෙනවා. කැබිනට් මණ්ඩලයේ ඉන්න හැමෝම පැය 24ම ජනතාවගේ සේවාව වෙනුවෙන් ඇප කැප වෙලා කටයුතු කරනවා. රත්නපුර දිස්ති‍්‍රක්කය පුරාවටම අතුරුපාරවල් යන්න බැරිතැනට පත්වෙලා. හදිස්සියේ ලෙඩක් දුකක් ඇතිවුනාම නගරයට ගෙන එන්න සෑහෙන්න වෙලාවක් යනවා. කවුරුත් ඒවා දැක්කෙ නෑ. ජනතාව රැවැට්ටුවා. 
     
    අලූත් රජයේ වැඩ වලදී පක්‍ෂ බේදයකින් තොරව ජාති, ආගම් බේදයකින් තොරව වැඩ කරන්න  ඕනේ.මේ රටේ ජනාධිපතිතුමා ශ‍්‍රී ලංකා නිදහස් පක්‍ෂයේ සභාපතිතුමා, අගමැතිතුමා එක්සත් ජාතික පක්‍ෂයේ නායකයා. කැබිනට් මණ්ඩලයේ  එජාප සහ පොදු පෙරමුණ අය ඉන්නවා. ඒකත් අලූත් වෙනසක්. මේ තත්වය තමා ජනතාව බලාපොරොත්තු වුනේ. 
     
    නාස්තිකාර බෝඩ් සංකල්පයට තවත් උදාහරණයක් තමයි, කහවත්ත පනාවැන්න හන්දියෙ වෙල්යායේ දැවැන්ත බෝඞ් එකක් ගහලා තියෙනවා මත්තල ගුවන්තොටුපොලින් ඉන්ධන ලබාගන්න පුළුවන් ගුවන්යානාවලට කියලා. නමුත් මේවා අවශ්‍යද. මම ගමේ තරුණ කණඩායම්වලින් ඇහුවා මේ බෝඩ් එක ගුවන්යානා කීයක් දැක්කද කියලා. මේවගේ නාස්තිකාර දේවල් කළේ. අහිංසක මිනිස්සුන්ගෙ සල්ලි වලින් කියලා හිතුවෙ නෑ. 
     
    මේ නාස්තිකාර වියදම් ගැන හොයන කොට කියනවා මේකද යහපාලනය කියලා. ඔව් මේක තමයි යහපාලනය. නාස්ති නොකර වංචා දූෂණ නොකර ජනතාවට සේවය කිරීම. වංචා දූෂණ කරපු අයට අපි තරාතිරම නොබලා දඩුවම් දෙන එක තමයි යහපාලනය.” යි සඳහන් කළාය.
     
    මෙම අවස්ථාවට කහවත්ත ප‍්‍රාදේශීය සභාවේ විපක්‍ෂ නායක ශාන්ත ගුරුගේ මහතා හා ප‍්‍රාදේශීය ලේකම් චාමර බමුණුආරච්චි මහතා ඇතුළු ප‍්‍රදේශවාසීන් රැසක් එක්වී සිටියහ.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya