අප්‍රේල් 20, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    ගම්මිරිස් හා කුරුදු වගාකරුවන්දැනුවත් කෙරේ

    මැයි 28, 2015

    ගම්මිරිස් හා කුරුදු වගාවෙහි නියැලී සිටින වගාකරුවන් සිය අස්වැන්න වැඩිකරගැනීම සදහා ගතයුතු ක්‍රියාමාර්ග සම්බන්ධයෙන් දැනුවත් කිරිමේ වැඩ සටහන් පැවැත්වීමට පියවර ගෙන ඇති බව අපනයන කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල් එන්.කේ.ඒ. රූපසිංහ මහතා පවසයි.

    ප්‍රාදේශිය මටිටමින් සෑම දිස්ත්‍රික්කයක්ම ආවරණය වන පරිදි මෙම වැඩ සටහන් පැවැත්වීමට කටයුතු යොදා ඇත. මේ පිළිබඳ වැඩි විස්තර අපනයන කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ ව්‍යාප්ති හා සංවර්ධන නිලධාරින්ගෙන් හෝ දිස්ත්‍රික් කාර්යාල වලින් ලබා ගතහැක. දිවයින පුරා කුරුදු වගාව හෙක්ටයාර් 32,000 කද ගම්මිරිස් හෙක්ටයාර් 32,000 ක පමණ භුමි ප්‍රමාණයක ව්‍යාප්තව ඇති නමුත් ඉන් උපරිම අස්වැන්න ලබා නොගන්නා බැවින් මෙම දැනුවත් කිරීමේ වැඩ සටහන් පැවැත්වීමට කටයුතු යොදා ඇත. එහෙයින් මෙම දැනුවත් කිරිමේ වැඩ සටහන් වලට සහභාගී වී උපරිම ඵල නෙලා ගන්නා ලෙස අධ්‍යක්ෂ ජනරාල් එන්.කේ.ඒ. රූපසිංහ මහතා වගාකරුවන්ට දන්වා සිටී .

    AP

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya