මාර්තු 28, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    73 වන නිදහස් දින උත්සවයේ සුවිශේෂී අවස්ථා....

    පෙබරවාරි 04, 2021

    73 වන නිදහස් දින උත්සවයේ සුවිශේෂී අවස්ථා.....

     

    73 වන නිදහස් සැමරුම මෙවරත් අභිමානයෙන් සහ උත්කර්ෂවත්ව සැමරෙයි..

    අද දින (04) ප්‍රථමයෙන්ම උදෑසන සර්ව ආගමික වතාවත් වලට මුල්තැන දෙමින් නිදහස් දින සැමරුම් උළෙල ආරම්භ විය. පෙරවරු 06.30ට නාරාහේන්පිට අභයාරාමයේදී බෞද්ධ ආගමික වතාවත් සිදුකෙරුණු අතර, හින්දු ආගමික වතාවත් කොළඹ 04 බම්බලපිටිය නව කදිරේෂන් කෝවිලේදීද ඉස්ලාම් ආගමික වතාවත් කොළඹ 04 නිමල් පාර මජ්මායිල් කහිරාත් ජුම්මා දේවස්ථානයේදී ද කතෝලික දේව මෙහෙය බොරැල්ල සියලු සාන්තුවරයන්ගේ දෙවු මැදුරේදීද ක්‍රිස්තියානි දේව මෙහෙය කොළඹ 06 මුවර් පාර මෙතෝදිස්ත දේවස්ථානයේදීද සිදුකෙරිණි.
    පෙරවරු 07.15ට මහාමාන්‍ය ඩී ඒස් සේනානායක පිළිරුව අසල පුෂ්පෝහාර පිරිනැමීමෙන් අනතුරුව නිදහස් දින ප්‍රධාන උත්සවය කොළඹ 07 නිදහස් චතුරස්‍ර භූමියේදී පෙරවරු 07.30ට ආරම්භ විය.

    ප්‍රථමයෙන් ආරාධිත අමුත්තන් සිය ආසන වල අසුන් ගැන්වුණු අතර පෙළපාලියේ අණදෙන්නා පෙළපාලිය පහසුවෙන් තබා සම්මාන මුරය උත්සව භූමිය වෙත ගමන් ඇරඹීම සිදුවිය.

    ඉන්පසු ඒළඹියේ ප්‍රභූවරුන් උත්සව භූමිය වෙත පැමිණීමත් ඔවුන් පිළිගැනීමේ අවස්ථාවත්ය.පොලිස්පති,ගුවන් හමුදාපති, නාවික හමුදාපති, යුධහමුදාපති ඇතළු ලේකම්වරුන් සහ මැති ඇමතිවරුන් සිය බිරින්දෑවරුන්ද සමග උත්සව භූමියට සම්ප්‍රාප්ත වුණු අතර ඔවුන් සියලුදෙනා ගරු බුහුමන් මැද පිළිගැනීම සිදුවිය. අගමැතිතුමන්, කතානායකතුමන්, අග්‍රවිනිශ්චකාරතුමන්, හිටපු ජනාධිපතිතුමන් සහ විපක්ෂනායකතුමන්   උත්සව අවස්ථාවට පැමිණ අසුන්ගැනීම සිදුවිණි.

    පෙරවරු 08.13ට පමණ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා සහ අයෝමා රාජපක්ෂ මැතිණිය උත්සව අවස්ථාවට සම්ප්‍රාප්ත විණි. ඔවුන් සපැමිණි අවස්ථාවේ අගමැතිතුමන්, වාරිමාර්ග ඇමතිතුමන් සහ ආරක්ෂක ලේකම්තුමන් විසින් ඔවුන් දෙපළ පිළිගැනීමත් සමග ශ්‍රී ලංකා යුධ හමුදාව විසින් ජනපතිතුමන්ගේ සම්ප්‍රාප්තිය සැළකෙරෙන හොරණෑ වාදනය සිදුකරමින් ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානී, ත්‍රිවිධ හමුදාපතිවරුන් සහ පොලිස්පතිතුමා විසින් ජනාධිපතිතුමා ප්‍රධාන කොඩි කණුව අසලට කැදවාගෙන යාම සිදුවිය. ඒ් සමගම මගුල් බෙර වාදනය සහ සක් පිඹීම මධ්‍යයේ ජනාධිපතිතුමා විසින් ජාතික ධජය ඒසවූයේය.

    ඒම අවස්ථාවේදී පාසල් සිසු සිසුවියන් 45 දෙනෙකු විසින් ජාතික ගීය ගායනය ඇරඹි අතර සියලුම ආරාධිතයින්ට ද
    ඒ් සමග ජාතික ගීය ගැයීමට ආරාධනා කරන ලදී. ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානී, ත්‍රිවිධ හමුදාපතිවරුන් සහ පොලිස්පතිතුමා විසින් ජනාධිපතිතුමා විශේෂ
    පීඨිකාව වෙත කැදවාගෙන යන ලදී.
    පාසල් සිසුවියන් විසින් ඒහිදී ජයමංගල ගාථා සහ දේවෝ වස්සතු කාලේන ගාථාව ගායනා කරන ලදී. ඉන් අනතුරුව ශ්‍රී ලංකාවේ ස්වාධීනත්වයේත්, ස්වෛරීභාවයේත්, භෞමික අඛණ්ඩතාවයේත් තිර පැවැත්ම වෙනුවෙන් දිවිපිදූ සියලුම ශ්‍රී ලාංකිකයන් අනුස්මරණය කිරීම සදහා විනාඩි 02ක නිශ්ශබ්දතාවයක් පැවැත්විණි.
    ඉන්පසු අරඹියේ ජනාධිපති උත්තමාචාර පිදීමේ අවස්ථාවයි. සියලුම ආරාධිත අමුත්තන් අසුන් වලින් නැගී සිටියදී ජනාධිපතිතුමා වෙත ආචාර වෙඩිමුර 21ක් පිරිනැමිණි. ආචාර වෙඩිමුර ප්‍රධානයෙන් අනතුරුව ඒළඹියේ ජනාධිපතිතුමන් විසින් ජාතිය අමතමින් නිදහස් දින කතාව සිදුකරන අවස්ථාවයි.
    ඉන්පසු ශ්‍රී ලංකා යුධ හමුදාව, ශ්‍රී ලංකා නාවික හමුදාව, ශ්‍රී ලංකා ගුවන් හමුදාව, ශ්‍රී ලංකා පොලීසිය, සිවිල් ආරක්ෂක බලකාය සහ ජාතික ශිෂ්‍යභට බලකාය විසින් උළෙල විචිත්‍රවත කරමින් ආචාර පෙළපාලිය පැවැත්වූ අතර මෙවර දිවයිනම මුහුණපා සිටින කොවිඩ් වසංගත අභියෝගය හේතුවෙන් පෙළපාලි වල ගමන්ගන්නා භට පිරිස් යම් පමණකට සීමා කර තිබීමද විශේෂත්වයකි. මෙවර සෞඛ්‍ය මාර්ගෝපදේශ අනුමගනය කරමින් සෞඛ්‍ය රීතීන්ට අනුකූලව නිදහස් දිනය සැමරුවද පෙර සැමරුම් වල සේම උත්කර්ෂවත්ව සහ ගාම්භීරත්වය පෙරදැරිව පැවති අතර ඒහි විචිත්‍රත්වයේ හෝ අසිරියෙහි කිසිදු අඩුවක් නම් දක්නට නොලැබිණි. සංස්කෘතික පෙළපාලිය මගින් උත්සවයේ පිරිපුන් භාවය මොනවට ප්‍රකාශ වුණු අතර ඒය කාගේත් සිත්
    ඇදගන්නාසුළු අංගයක් විය. ඉන්පසු උත්සවයේ නිමාව සනිටුහන් කරමින් ජනපතිතුමන් සහ ඒම මැතිණියගේ නික්ම යාමද අගමැතිතුමන් සහ ඒම මැතිණියගේ නික්ම යාමද සිදුවිය.
    ඒ් සමගම අනෙකුත් ප්‍රභූවරුන්ගේද සියලුම ආරාධිත අමුත්තන්ගේද නික්ම යාම සිදුවුණු අතර පෙරවරු 11.30ට ගාලු මුවදොර පිටියේදී ශ්‍රී ලංකා නාවික හමුදාව විසින් ජාතිය වෙනුවෙන් ආචාර වෙඩිමුර 25ක් පිරිනමමින් නිදහස් සැමරුමේ සියලු වැඩකටයුතු සමාප්ත කරන ලදී.

     

    presi

    in3

     

    in4

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya