මැයි 03, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    කාන්තා විමුක්ති සංකල්පය බටහිරින් රැගෙන විත් මේ රටේ පැළ කළ නොහැකියි

    ඔක්තෝබර් 01, 2014
    අපේ මානව සබඳතා, බටහිර මානව සබඳතාවලට වඩා වෙනස් නිසා කාන්තා විමුක්තිය කියන සංකල්පය බටහිරින් රැගෙන විත් මේ රටේ පැළ කළ නොහැකි බව ඉදිකිරීම්, ඉංජිනේරු සේවා, නිවාස හා පොදු පහසුකම් අමාත්‍ය විමල් වීරවංශ මහතා පැවසීය.
     
    "අපරදිග දරුවා අවුරුදු 18දී පමණ ස්වාධීන වෙනවා. එසේ ස්වාධීන වෙනවා පමණක් නොවෙයි ඉන් එහාට ඔහු තමාගේ ලෝකය ගොඩනගා ගන්නවා. එහෙත් බටහිරට සාපේක්ෂ ව පෙරදිගට තියෙන්නේ ඉතා ම සමීප මානව සබඳතා පවත්වා ගැනීමක් " යනුවෙන් ද අමාත්‍යවරයා වැඩිදුරටත් පැවසීය.
     
    අමාත්‍යවරයා මෙම අදහස් පළ කළේ අද (01)ට යෙදෙන ලෝක වැඩිහිටි දිනය වෙනුවෙන්  කොළොන්නාව ප්‍රාදේශීය ලේකම් බල ප්‍රදේශයේ වෙසෙන ජ්‍යෙෂ්ඨ පුරවැසියන් 600 දෙනෙකු සඳහා උපහාර පිරිනැමීමේ අරමුණෙන්  සංවිධානය කළ “පෑළවිය - 2014” වැඩිහිටි ප්‍රණාම උළෙලට ප්‍රධාන ආරාධිතයා වශයෙන් සහභාගී වෙමිනි. මෙම උත්සවය අද කොටිකාවත්ත සණස ශාලාවේදී පැවැත්විණි.
     
    තමන්ගේ තරුණ කාලය රට දැය වෙනුවෙන් , තම දරුවන් වෙනුවෙන් කැපකොට මේ වන විට විශ්‍රාමික ව කාලය ගතකරන ජ්‍යෙෂ්ඨ පුරවැසියන් වෙනුවෙන් මෙදින උපහාර ප්‍රදානය කිරීම සිදුකෙරිණ. එමෙන්ම ජ්‍යෙෂ්ඨ පුරවැසියන්ගේ මානසික සංවර්ධනය ඇති කිරීමේ අරමුණින්, විද්වත් දේශන, රසවින්දනාත්මක වැඩසටහන් ඇතුළු වැඩසටහන් ගණනාවක් ම මෙදින සංවිධානය කර ඇත. මෙම උපහාර උළෙල තෙවන වරටත් සංවිධානය කරනු ලැබුවේ කොළොන්නාව පංචායුධ පදනම විසිනි.
     
    මෙම අවස්ථාවට කොළොන්නාව පංචායුධ පදනමේ සභාපති හා කොටිකාවත්ත මුල්ලේරියාව ප්‍රාදේශීය සභා මන්ත්‍රී හේමසිරි අමරසිංහ, ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ මහාචාර්ය ඥාණදාස පෙරේරා, කොළොන්නාව ප්‍රදේශීය ලේකම් යූ.ඩබ්. සේනාරත්න, සෞන්දර්ය විශ්වවිද්‍යාලයේ මහාචාර්ය ජගත් රවීන්ද්‍ර, ආචාර්ය ඉන්ද්‍රජිත් සෙනෙවිරත්න යන මහත්වරු ඇතුළු පිරිසක් සහභාගී වූහ.
     
    NDH

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya