විශේෂ ආරාධිත අමුත්තන් හා කලාකරුවන් රැසකගේ සහභාගිත්වයෙන් පැවැත්වෙන මෙම උත්සවයේදී දිස්ත්‍රික් සාහිත්‍ය තරගවලින් ජයගත් ජයග්‍රාහකයන් සඳහා ත්‍යාග හා සහතිකපත් පිරිනැමේ.
ලාංකේය සංස්කෘතියට, ලේඛන, නර්තන, රංගන, චිත්‍ර, මූර්ති, කැටයම් ආදී කලාවන් සඳහා ජාතික වශයෙන් සිදු කළා වූ සේවාව වෙනුවෙන් කොළඹ දිස්ත්‍රික්කය පුරා විසිරී සිටින ජ්‍යේෂ්ඨ අංශය නියෝජනය කරමින් කලාකරුවන් 13 දෙනෙකු හා තරුණ කලාකරුවන් 13 දෙනෙකු සඳහා "කොළොම්තොට භූෂණ සම්මානය" හා "තරුණ කලාකරු සම්මානය" පිරිනැමීම මෙහිදී සිදු කිරීමට නියමිතය.
ප්‍රාදේශීය අංකුර සාහිත්‍ය නිර්මාණ ශිල්පීන්ගේ කුසලතා එළිදැක්වීමේ අවස්ථාවක් ලබාදීමේ අරමුණින් දිස්ත්‍රික් සාහිත්‍ය තරගාවලියේ ගද්‍ය රචනා, පද්‍ය රචනා, කෙටිකතා, සාහිත්‍ය විචාර, ජනශ්‍රැති අධ්‍යයන, ළමා කතන්දර ආදී විවිධ තරග අංශවලින් කොළඹ දිස්ත්‍රික්කයේ ප්‍රථම ස්ථාන ජයග්‍රහණය කළ නිර්මාණ ඇතුළත් ග්‍රන්ථයක් මුද්‍රණය කර එදිනට එළිදක්වන අතර ප්‍රවීණ සාහිත්‍යධරයකුගේ විශේෂ දේශනයක් ද පැවැත්වේ.
NDH/WJ-dmu colombo