අප්‍රේල් 23, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    2014 ළමා නාට්‍ය උළෙල - අද "මකරෙක් ඇවිත්" සමඟ තවත් නාට්‍ය දෙකක්

    සැප්තැම්බර් 26, 2014
    2014 රාජ්‍ය ළමා නාට්‍ය උළෙලේ නවවැනි දිනය වන අද (26) සිංහල නාට්‍ය දෙකක් සහ ඉංග්‍රීසි හා දමිළ නාට්‍ය එක බැගින් පස්වරු 5.00ට කොළඹ 07, නව නගර ශාලාවේදී වේදිකාගත කෙරේ.
     
    ඒ අනුව අද (26) අනුරාධපුර මධ්‍ය විද්‍යාලයේ "මකරෙක් ඇවිත්", පුවිරාජසිංහම් රැජිනගේ "පේරියෝර් සෝට් කේට්පෝම්",  පසිදු සංඛපාල මිත්‍රරත්නගේ "යූ කැන් සේ සොරි", සුදර්ශන බණ්ඩා‍රගේ "මුතු පවුර" වේදිකාගත කෙරේ.
     
    ඊයේ (25) කුරුණෑගල ඉදුල්ගොඩ කන්ද, ශ්‍රී නිශ්ශංක ජාතික පාසැලේ "බිඟු පැංචයි මල් ගොමුවයි", පොන්නයියා සුරේන්ද්‍රාගේ "සිංහරාජන් තීරප්පු", රෝහිත ජයකොඩිගේ "ද ප්‍රින්ස් ඔෆ් ද ලෑන්ඩ් ඔ‍ෆ් චොක්ලට්", නෙරන්ජන් චන්ද්‍රාදිත්‍යගේ "මෙගොඩ ගොඩෙත් 
    රත්තරන් එගොඩ ගොඩෙත් රත්තරන්" වේදිකාගත කෙරුණි.  
     
    සිංහල, දෙමළ හා ඉංග්‍රීසි ළමා නාට්‍ය එක ම වේදිකාවේ දී පැවැත්වෙන මෙම ළමා නාට්‍ය උළෙලේ අවසන් වටය සඳහා භාෂා තුනෙන් ම සීමිත අංශයෙන් ළමා නාට්‍ය 30ක් හා විවෘත අංශයේ නාට්‍ය ළමා නාට්‍ය 18ක් තෝරාගෙන ඇත.
     
    සංස්කෘතික හා කලා කටයුතු අමාත්‍යාංශයේ උපදෙස් පරිදි සංස්කෘතික කටයුතු දෙපාර්තමේන්තුව හා ශ්‍රී ලංකා කලා මණ්ඩලයේ රාජ්‍ය නාට්‍ය අනුමණ්ඩලය එක් ව 2014 රාජ්‍ය ළමා නාට්‍ය උළෙල සංවිධානය කරනු ලබයි.
     
    DB

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya