මාර්තු 19, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    සිනමාව පිළිබඳ අධ්‍යයනය කිරීමට සිනමා පාසලක්

    මැයි 22, 2019

    සිනමාව පිළිබඳ අධ්‍යයනය කිරීම සඳහා වූ පාසලක් ආරම්භ කෙරේ

    ශ්‍රි ලංකා සිනමා පාසලේ වෙබ් අඩවිය වන www.slf.lk අන්තර්ජාලයට මුදා හැරීම සංස්කෘතික කටයුතු දෙපාර්මේන්තුවේ අධ්‍යක්ෂිකා හා ජාතික චිත්‍රපට සංස්ථාවේ වැඩබලන සභාපතිනි අනුෂා ගෝකුල මහත්මිය අතින්  අද(22) සිදු විය. ශ්‍රි ලංකා සිනමා පාසලේ පළමු කණ්ඩායම 2019 ජුනි 08 දින ආරම්භ වීමට නියමිතය.

    ශ්‍රී ලංකා පදනම් ආයතනයේ දී මේ උත්සවය පැවැත්විණි.

    අපේ රටේ සිනමා පාසල් ආරම්භ කිරිමට සහයෝගය දුන් ශ්‍රි ලංකා පදනම් ආයතනයේ සභාපති නීතිඥ සරත් කොන්ගහගේ මහතාට තමා ස්තුති වන්න වන බව ශ්‍රි ලංකා සිනමා පාසලේ විදුහල්පති සංජිව පුෂ්ප කුමාර මහතා ශ්‍රි ලංකා සිනමා පාසලේ සමාරම්භක උළෙලේ දි ප්‍රකාශ කළේ ය.

    මෙහිදි අදහස් දැක්වු ශ්‍රි ලංකා පදනම් ආයතනයේ සභාපති නිතිඥ සරත් කොන්ගහගේ මහතා ප්‍රකාශ කළේ, මෙය  තවත් සිනමා පාඨමාලාවක් නොවන බවයි.

    ශ්‍රි ලංකාවේ සිනමාව තුළ අධ්‍යාපනික මට්ටිමින් හැදැරිමට අවශ්‍ය වන බවත් අවිධිමත් ලෙසින් සිනමාව හැදෑරු  බෝහො දෙනෙක් ක්‍ෂේත්‍රය තුළ සිටින නිසා මෙවැනි රංගන පාසලක් ඇති කිරිම ඉතා වැදගත් බව ප්‍රවිණ රංගන  ශිල්පි ජැක්සන් ඇන්තනී මහතා ප්‍රකාශ කළේ ය.

    ලංකාවට ප්‍රශ්නය තියෙන්නේ කලාත්මක සිනමාවේ නොවේ. කර්මාන්ත සිනමාවේ. කලාත්මක සිනමාව  නිධානයෙ පටන් ගත්තත් රේඛාවෙන් පටන් ගත්තත් අද වෙනකග් එකක් තියෙනවා.කර්මාන්ත සිනමාව තමයි  අපේ රටේ පවතින්නේ නැත්තේ. කර්මාන්ත සිනමාව පිළිබඳව ශ්‍රි ලංකා සිනමා පාසල අත ගැසිය යුතුයි යන්න මා  ගේ යොජනාව බව රංගන ශිල්ප ජැක්සන් ඇන්තනි මහතා වැඩි දුරටත් අදහස් දැක් විය.

    මේ අවස්ථාවට එක් වු සංස්කෘතික කටයුතු දෙපාර්මේන්තුවේ අධ්‍යක්ෂිකා හා ජාතික චිත්‍රපට සංස්ථාවේ සභාපතිනි අනුෂා ගෝකුල මහත්මිය සදහන් කළේ,සිනමා පාසල ethic cored තුළ උගන්වන්න වන්න ඕන. ඒ නිසා මේ සිනමා පාසලෙන් ඉල්ලා සිටිනවා මානව සංවර්ධන හා සමාජ සංවර්ධනය වෙනුවෙන් හේතු පාදක වන සිනමාකරුවෙක් බිහි කළ යුතු බවයි.
    මේ අවස්ථාවට ප්‍රවින රංගන ශිල්පි රවින්ද්‍ර රන්දෙණිය,සබිතා පෙරේරා ඇතුළු කලාකරුවන් පිරිසක් සහභාගි විය.

     

     

     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya