නොවැම්බර් 23, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    මාතලේ දිස්ත්‍රික්කයේ සාහිත්‍ය හා කලාව වෙනුවෙන් වැඩසටහන් රැසක්

    ඔක්තෝබර් 19, 2015
     
    මාතලේ දිස්ත්‍රික්කය කියන්නේ කලාකරුවන්ගේ පුරවරයක්. ඔවුන් අගය කළ හැකි සන්තෝෂ විය හැකි මට්ටමේ දක්ෂතා රටට ඉදිරිපත් කළ ඉතාමත්ම ඉහල මට්ටමේ කලාකරුවන් විමත් ඔවුන් සමාජයට දෙන ආකල්ප හා බැඳීම් අගය කල යුතු බවත් මාතලේ දිස්ත්‍රික් ලේකම් නීල් ද අල්විස් මහතා පැවසීය.
    දිස්ත්‍රික් ලේකම්වරයා මෙම අදහස් දැක්වුයේ පසුගියදා මාතලේ සංචාරක ප්‍රවර්ධන සංකිර්ණයේ පැවති මාතලේ දිස්ත්‍රික් සාහිත්‍ය කලා මහෝත්සවයට සහභාගි වූ අවස්ථාවේදීය.
     
    දිස්ත්‍රික් ලෙකම්වරයා වැඩි දුරටත් අදහස් දක්වමින් කියා සිටියේ පැරණි සාම්ප්‍රදායන් ඒ ආකාරයෙන් ඉදිරියට ගෙනයාමත්, 
    අනාගත හා වර්තමාන පරපුරට ඉගැන්වීමත්, අතීත උරුමයන් බෙදා හදා ගැනිමත් මෙම සාහිත්‍ය උත්සව පැවැත්විමේ 
    අරමූණ බවයි.
     
    ඉදිරියේදී සාහිත්‍ය හා කලාව වෙනුවෙන් විවිධ වැඩසටහන් සංවිධානය කර ඇති බවත් එහි පළමු වැන්න ලෙස මාතලේ 
    දිස්ත්‍රික්කයේ ගත් කතෘවරයන් විසින් රචනා කරන ලද සියලු කෘතිවල එකතුවක්  මාතලේ ලේඛකයින්ගේ ප්‍රකාශන ලෙස 
    මාතලේ පුස්තකාලයේ ප්‍රදර්ශනය කිරීමට බලාපොරොත්තු වන බවත් පැවසීය. 
     
    ඒ තුළින් කලාකරුවා සහ ඔවුගේ නිර්මාණ අගය කිරිමට බලාපොරොත්තු වන බවත් දෙවනුව සංස්කෘතික මධ්‍යස්ථානවල 
    දැනට තිබෙන පාඨමාලා ප්‍රමාණය සිසුන් ප්‍රමාණය සහ පහසුකම් ප්‍රමාණය වැඩි කිරිමට කටයුතු කරන බවත් ඒ තුළින් 
    අනාගතයේ රටට බිහිවන කලාකරුවන් වැඩි කිරිම තම අරමුණ බවත් පැවසීය.
     
    තෙවනුව දිස්ත්‍රික්කය තුළ විවිධ කේෂ්ත්‍ර නියෝජනය කරන කලාකරුවන් පිළිබඳ දත්ත ගබඩාවක් පවත්වාගෙන යාමට 
    කටයුතු කරන බවත් ඊට අමතරව දිස්ත්‍රික්කයේ අනන්‍යතාවය පිළිබිඹු වන ආකාරයේ නර්තන කණ්ඩායමක් සහ හේවිසි 
    කණ්ඩායමක් පුහුණු කිරිමටත් එම කණ්ඩායම දෙස් විදෙස්හි නර්තනවලට යොමු කිරිමටත් තමා බලාපොරොත්තු වන බවත් 
    දිස්ත්‍රික් ලේකම්වරයා වැඩි දුරටත් පැවසීය.
     
    නූතන සමාජ විචල්‍යතා හමුවේ ශ්‍රී ලාකේය සාහිත්‍ය යන මැයෙන්  ප්‍රධාන දෙසුම අග්නි දිග විශ්ව විද්‍යාලයේ ජ්‍යෙෂ්ඨ 
    කතිකාචාර්ය අමරසිරි වික්‍රමරත්න මහතා විසින් පැවැත්වූ අතර නිශාදනී කලායාතනයේ සිසුදරුවන් විසින් ජනමිහිර සංගිත 
    ප්‍රසංගයක්ද පවත්වන ලදි.
     
    මෙම අවස්ථාව මාතලේ දිස්ත්‍රික්කය නියෝජනය කරමින් රජයේ නිලධාරින් කලාකරුවන් ,සාහිත්‍යෙව්දීන්, පාසල් දරුවන් සහභාගි විය.
     
    AP/DMU-Matale
     
     
     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya