නොවැම්බර් 23, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    රාජ්‍ය ළමා චිත්‍ර උළෙලේ සම්මාන ප්‍රදානෝත්සවය 19දා

    ඔක්තෝබර් 14, 2015
    2014 රාජ්‍ය ළමා චිත්‍ර උළෙලේ සම්මාන ප්‍රදානෝත්සවය හා ළමා චිත්‍ර ප්‍රදර්ශනය 19 දා පෙරවරු 10.00 ට අභ්‍යන්තර කටයුතු, වයඹ සංවර්ධන හා සංස්කෘතික කටයුතු අමාත්‍ය එස්.බී. නාවින්න මහතාගේ ප්‍රධානත්වයෙන් මහරගම ශ්‍රී ලංකා යූත් රඟහලේ දී පැවැත්වේ. 
     
    2014 රාජ්‍ය ළමා චිත්‍ර  තරගය ප්‍රාථමික (අවු.5-6) , පශ්චාත් ප්‍රාථමික (අවු.7-9), කණිෂ්ඨ (අවු.10-12), ජ්‍යෙෂ්ඨ (අවු.13-15) හා ජ්‍යෙෂ්ඨ ද්විතියික (අවු.16-18) යන  අංශ පහ යටතේ පැවැත්වුන අතර මෙම උළෙල සඳහා උතුරු නැගෙනහිර පළාත් ඇතුලු දිවයිනේ සියලු පළාත්වලින් ළමා චිත්‍ර අසූපන් දහසකට ආසන්න ප්‍රමාණයක් ලැබී තිබුණු අතර තරග වට තුනක විනිශ්චයකින් පසුව ජයග්‍රාහක ජයග්‍රාහිකාවන් තෝරාගෙන ඇත. 
     
    රාජ්‍ය ළමා චිත්‍ර උළෙලේ දී එක් වයස් කාණ්ඩයකින් පළමු, දෙවන හා තෙවන ස්ථාන තුනක් ද , සම්මාන 10ක් හා කුසලතා 10ක් ද බැගින් කාණ්ඩ 5න් තරගකරුවන් 115කට  සහතික පත් , මුදල් ත්‍යාග හා පදක්කම් පිරිනැමීමට කටයුතු යොදා ඇත.
     
    අවසන් වටයට තේරුණු ළමා චිත්‍ර ඇතුලත් ළමා චිත්‍ර ප්‍රදර්ශනය මෙදින දවස පුරා මහරගම ශ්‍රී ලංකා යූත් රඟහලේ දී ප්‍රදර්ශනය කෙරේ.
     
    අභ්‍යන්තර කටයුතු, වයඹ සංවර්ධන හා සංස්කෘතික කටයුතු අමාත්‍යාශයේ උපදෙස් පරිදි සංස්කෘතික කටයුතු දෙපර්තමේන්තුව හා ශ්‍රී ලංකා කලා මණ්ඩලයේ රාජ්‍ය දෘෂ්‍ය කලා අනුමණ්ඩලය මගින් 2014 රාජ්‍ය ළමා චිත්‍ර උළෙල සංවිධානය කරනු ලබයි.
     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya