2015 රාජ්‍ය ළමා නාට්‍ය උළෙලේ අවසන් වටයේ සිංහල, දෙමළ හා ඉංග්‍රීසි ළමා නාට්‍ය පසුගිය දා මරදාන, ටවර් රඟහලේ දී වේදිකාගත කරන ලද අතර එම නාට්‍ය අතුරින් හොඳම ළමා නාට්‍ය, හොඳම නාට්‍ය පිටපත් රචනය, හොඳම නළුවා, හොඳම නිළිය, හොඳම සංගීතය, හොඳම වේදිකා පසුතල නිර්මාණය, හොඳම වේෂ නිරූපණය, හොඳම වේදිකා පරිපාලන, හොඳම රංගාලෝකය ආදී අංශ සඳහා මුදල් ත්‍යාග, සම්මාන හා සහතික මෙහිදී පිරිනැමීමට නියමිතය.
අභ්‍යන්තර කටයුතු, වයඹ සංවර්ධන හා සංස්කෘතික කටයුතු අමාත්‍යංශයේ උපදෙස් පරිදි සංස්කෘතික කටයුතු දෙපාර්තමේන්තුව හා ශ්‍රී ලංකා කලා මණ්ඩලයේ රාජ්‍ය නාට්‍ය අනුමණ්ඩලය මගින් සංවිධානය කරනු ලබයි.