නොවැම්බර් 23, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    සමස්ත ලංකා පාසල් චිත්‍ර ජයග්‍රහකයින්ට ත්‍යාග හා සහතික පිරිනැමේ

    ඔක්තෝබර් 02, 2015
    අධ්‍යාපන අමාත්‍යාංශයේ සෞන්දර්ය අධ්‍යාපන ශාඛාව විසින් වසරක් පාසා පවත්වනු ලබන සමස්ත ලංකා පාසල් ළමා චිත‍්‍ර තරගාවලිය-2015 ත්‍යාග සහ සහතික පත‍්‍ර ප‍්‍රදානෝත්සවය  අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් මහතාගේ ප‍්‍රධානත්වයෙන් අධ්‍යාපන අමාත්‍යාංශ ශ‍්‍රවනාගාරයේ දී අද (02) පැවැත්විණි. 
     
    තරගකාරී සමාජය තුළ සෞන්දර්යට සිසුන් යොමු කිරීම යුගයේ අවශ්‍යතාවක් බව අමාත්‍යවරයා මෙහිදී පැවසීය. 
     
    සෞන්දර්ය විෂය පාසල් පද්ධතිය තුළ ප්‍රචලිත කිරීමේ වැඩපිළිවෙළක් සකස් කරන බවත් මිල කළ නොහැකි වටිනාකමක් චිත්‍රවලට ලැබෙන බවත් අමාත්‍යවරයා මෙහිදී සඳහන් කළේය.
     
    අධ්‍යාපනය පොතට පමණක් නොව සෑම අංශයකින්ම පිරිපුණ් විය යුතු බව ද අමාත්‍යවරයා වැඩිදුරටත් පැවසීය.
     
    මෙම චිත්‍ර තරගාවලියේ සම්මාන හා සහතික 57ක් ලබා ගනිමින් තරගාවලියේ පළමු තැන ලබා ගැනීමට රත්නපුර ධර්මාලෝක නවෝද්‍යා පාසල සමත් විය.
     
     
    මෙහිදී සෞන්දර්ය කුසලතාවන්ගෙන් හෙබි පාසල් දරුවන් විශාල පිරිසක් අතරින් කලාප, පළාත්, සහ ජාතික මට්ටමින් තෝරාගනු ලැබූ සිසු දරුවන් 9960කට සහතික පත් ප‍්‍රදානය සහ ජාතික මට්ටමේ පළමු, දෙවැනි, තෙවැනි, සිවුවැනි, සහ පස්වැනි ස්ථාන ඇතුළුව ජයග‍්‍රාහක සිසු දරුවන් 82 දෙනෙකුට ත්‍යාග හා සහතික පත් ප‍්‍රදානය සිදු කෙරිණි. 
     
    kpm

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya