එහි ප්‍රධාන සාහිත්‍ය දේශනය ප්‍රවීණ රංගධර නිශ්ශංක දිද්දෙණිය මහතා විසින් සිදු කරන ලදී.
මෙහි දී කෑගල්ල ප්‍රාදේශීය සාහිත්‍ය තරඟ වලින් හා දිස්ත්‍රික් තරග වලින් ජයග්‍රහණය කළ සිංහල , දෙමළ හා මුස්ලිම් සාහිත්‍යකරුවන්ට හා පාසල් ළමුන්ට ත්‍යාග හා සහතික පත් පිරි නැමීම සිදු කෙරිණි. නැටුම්, ගැයුම් හා කවි ගායනා ආදී සංස්කෘතික විවිධාංග මගින් මෙවර සාහිත්‍ය මහෝත්සවය හැඩගැන්වී තිබිණි.
මේ අවස්ථාව සදහා කෑගල්ල අතිරේක දිස්ත්‍රික් ලේකම්වරුන් වන අබේවික්‍රම වනසූරිය හා රුක්මණී ආරියරත්න යන මහත්ම මහත්මීන් ද, කෑගල්ල ප්‍රාදේශීය ලේකම් නාලිකා පියසේන මහත්මිය දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ සහ ප්‍රාදේශීය ලේකම් කාර්යමණ්ඩලයේ සාමාජිකයන්, පාසල් සිසුන් ඇතුළු විශාල පිරිසක් මේ අවස්ථාවට සහභාගී වූහ.
AP/DMU-Kegalle