නොවැම්බර් 23, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    ලෝක ජනාවාස දින සැමරුම් “ළමා කෙටි නාට්‍ය” තරගාවලියක්

    සැප්තැම්බර් 25, 2015

    2015 - ලෝක ජනාවාස දින සැමරුම් ළමා කෙටි නාට්‍ය තරගාවලියේ අවසන් වටය හිටපු ජනාධිපති ආර්යා හේමා ප්‍රේමදාස මැතිණියගේ ප්‍රධානත්වයෙන් මේ හෙට (27) පෙ.ව.9.30ට කොළඹ 10, මාලිගාවත්ත ප්‍රදීපා ශාලාවේදී පැවැත්වේ.

    ඔක්තෝම්බර් මස 05වන දිනට යෙදෙන 2015 - ලෝක ජනාවාස දිනයට සමගාමීව නිවාස හා ඉදිකිරීම් අමාත්‍ය සජිත් ප්‍රේමදාස මහතාගේ මඟපෙන්වීම මත නාගරික ජනාවාස සංවර්ධන අධිකාරිය මෙම ළමා කෙටි නාට්‍ය තරගාවලිය සංවිධානය කරනු ලබයි.

    ළමා කෙටි නාට්‍ය තරගාවලියේ මුලික වටයේ තරග සඳහා මැද කොළඹ, උතුරු කොළඹ, බොරුල්ල, නැගෙනහිර - බටහිර කොළඹ යන නාගරික ජනාවාස කලාප හතර නියෝජනය කරමින් ළමා කෙටි නාට්‍ය කණ්ඩායම් 69ක් සහභාගී විය. ඉන් තෝරා ගන්නා ලද නාට්‍ය කණ්ඩායම් 20ක් අවසන් වටය සඳහා සුදුසුකම් ලැබ ඇත.

    මෙම ළමා කෙටි නාට්‍ය තරගාවලියේ ප්‍රථම ස්ථානය දිනා ගනු ලබන නාට්‍ය 2015 - ලෝක ජනාවාස දින ජාතික සමුළුවේදී රග දැක්වීමට සුදුසුකම් ලබනු ඇත.

    ළමා කෙටි නාට්‍ය තරගාවලියේ ජජයග්‍රාහකයින් සඳහා ත්‍යාග හා සම්මාන ප්‍රදානය කිරීම 2015 - ලෝක ජනාවාස දින සැමරුම් ජාතික උත්සවයේදී සිදු කෙරෙන අතර එහිදී හොඳම නළුවා, හොඳම නිළිය, හොඳම සහාය නළුවා සහ නිළිය, හොඳම අධ්‍යක්ෂණය, හොඳම පෙළ රචනය, හොඳම පසුතල නිර්මාණය සඳහා ත්‍යාග, සම්මාන සහ සහතික ප්‍රදානය කෙරේ.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya