ශ්‍රී ලංකාවේ මෙන් ම ලෝකවාසී මුස්ලිම් භක්තිකයන් දෙවියන් පිඳීම උදෙසා අද (24) හජ්ජි අවුරුදු උත්සවය සමරති. ශුද්ධ වූ මක්කම නගරයේ ඉපදුණු නබි ඉබ්‍රාහිම් හා ඔහුගේ පුත්‍රයා වන නබි ඉස්මායිල් යන දෙදෙනා සම්බන්ධයෙන් ඓතිහාසික ව වැදගත් වූ හා ආගමික විශ්වාසයන් මත ගොඩ නැගුණු සිදුවීමක් අරමුණු කොටගෙන මුස්ලිම් භක්තිකයන් විසින් හජ්ජි උත්සවය සමරනු ලබයි.