ඒ අනුව අද (23) අනුරාධපුර මධ්‍ය විද්‍යාලයේ “මකරෙක් ඇවිත් (ආරාධිත) ”, වත්තල, ලයිසියම් ජාත්‍යන්තර පාසැලේ “ද වර්ල්ඩ් යූ හෝල්ඩ් ( ආරාධිත) ”, ටී.එස්.ජේ.කේ.තුෂාර ජාගොඩ හා අජන්ත රාජකරුණාගේ “චණ්ඩිත් එක්ක රවුමක් යං ( ආරාධීත) නාට්‍ය ත්‍රිත්වය වේදිකාගත කෙරේ.
ඊයේ (22) දොම්පේ සියනෑ ජාතික පාසැලේ "සින්දු කියන ගෙඹි හාමි", කේ. සිවප්රියන්ගේ "මුඩිවුගල් ෂරියායින් මුයච්චිගල් කිරු විනෙයියාහුම්", වත්තල ලයිසියම් ජාත්‍යන්තර පාසැලේ "සිතුම් පැතුම්" සහ නුගේගොඩ සුජාතා විද්‍යාලයේ "ඉතිං මං ඇස් අරින්නම්" නාට්‍ය සතර වේදිකාගත කෙරුණි.
සෑම දිනකම පස්වරු 5.00 ට මරදාන ටවර් රඟහලේ දී පැවැත්වෙන මෙම රාජ්‍ය ළමා නාට්‍ය උළෙලේ සියලු ම නාට්‍ය
නොමිලේ නැරඹීමට අවස්ථාව සලසා ඇති අතර එම නාට්‍ය නැරඹීමට පැමිණෙන ලෙස පාසැල් සිසුන් ඇතුලු සියලු දෙනාට සංස්කෘතික කටයුතු දෙපාර්තමේන්තුව විවෘත ව ආරාධනා කරයි.
අභ්‍යන්තර කටයුතු, වයඹ සංවර්ධන හා සංස්කෘතික කටයුතු අමාත්‍යංශයේ උපදෙස් පරිදි සංස්කෘතික කටයුතු දෙපාර්තමේන්තුව හා ශ්‍රී ලංකා කලා මණ්ඩලයේ රාජ්‍ය නාට්‍ය අනුමණ්ඩලය එක්ව සංවිධානය කරනු ලබයි.