නොවැම්බර් 23, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    2015 - රාජ්‍ය ළමා නාට්‍ය උළෙල, අද නාට්‍ය පහක්

    සැප්තැම්බර් 21, 2015
    2015 රාජ්‍ය ළමා නාට්‍ය උළෙල සයවැනි දිනය වන අද (21) නාට්‍ය පහක් වේදිකාගත කිරීමට නියමිතය.
     
    ඒ අනුව අද (21) කොළඹ, යහපත් එඬේරාගේ කන්‍යාරාමයේ "සඳමලී", අතුරුගිරිය, මහාමාත්‍ය විද්‍යාලයේ "යාළුවෝ අපි",  ටී. සිවනේෂන්ගේ  "මායෙක් කල්වි", ටී.එස්.ජේ.කේ. තුෂාර ජාගොඩ හා අජන්ත රාජකරුණාගේ "සඳ වාගේ සඳු" සහ ඩී.එම්. ප්‍රියංවදා ගොඩගේගේ "හපන් පුතා" වේදිකා නාට්‍ය පහ වේදිකාගත කෙරෙනු ඇත.
     
    ඊයේ (20) හාලිඇල මධ්‍යමහා විද්‍යාලයේ  "මල් මාමාට තෑග්ගක්", කේ.එම්. කමලනාදන්ගේ "වානත්තු රාසාවේ", සචිත්‍ර රාහුබද්දගේ "ලාෆින් ඩ්‍රීම්ස්" සහ ඉමන්කා ජයවීරගේ "ජෝකර්" යන නාට්‍ය සතර වේදිකා ගත කෙරුණි. 
     
    සෑම දිනකම පස්වරු 5.00 ට මරදාන ටවර් රඟහලේ දී  පැවැත්වෙන මෙම රාජ්‍ය ළමා නාට්‍ය උළෙලේ සියලු ම නාට්‍ය 
    නොමිලේ නැරඹීමට අවස්ථාව සලසා ඇති අතර එම නාට්‍ය නැරඹීමට පැ‍මිණෙන ලෙස පාසැල් සිසුන් ඇතුලු සියලු දෙනාට සංස්කෘතික කටයුතු දෙපාර්තමේන්තුව විවෘත ව ආරාධනා කරයි.
     
    අභ්‍යන්තර කටයුතු, වයඹ සංවර්ධන හා සංස්කෘතික කටයුතු අමාත්‍යංශයේ උපදෙස් පරිදි සංස්කෘතික කටයුතු දෙපාර්තමේන්තුව හා ශ්‍රී ලංකා කලා මණ්ඩලයේ රාජ්‍ය නාට්‍ය අනුමණ්ඩලය එක්ව සංවිධානය කරනු ලබයි. 
     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya