ඒ අනුව අද (20) හාලිඇල මධ්‍යමහා විද්‍යාලයේ "මල් මාමාට තෑග්ගක්", කේ.එම්. කමලනාදන්ගේ "වානත්තු රාසාවේ", සචිත්ර රාහුබද්දගේ "ලාෆින් ඩ්‍රීම්ස්" සහ ඉමන්කා ජයවීරගේ "ජෝකර්" යන නාට්‍ය සතර වේදිකා ගත කෙරේ.
ඊයේ (19) කොළඹ, මියුසියස් විද්‍යාලයේ ප්‍රාථමික අංශයේ "මං වැරදිද ?", එස්. කාර්තිගේසුගේ "එම්මුල් නිරමිල්ලෙයි", කවිෂ්ක පෙරේරාගේ "අ ට්‍රෙෂර් ෆෝ ඕල්", ආර්.එම්. හර්ෂණී රත්නායකගේ "සමනල පොත" යන වේදිකා නාට්‍ය සතර වේදිකාගත කෙරුණි.
සෑම දිනකම පස්වරු 5.00 ට මරදාන ටවර් රඟහලේ දී පැවැත්වෙන මෙම රාජ්‍ය ළමා නාට්‍ය උළෙලේ සියලු ම නාට්‍ය
නොමිලේ නැරඹීමට අවස්ථාව සලසා ඇති අතර එම නාට්‍ය නැරඹීමට පැමිණෙන ලෙස පාසැල් සිසුන් ඇතුලු සියලු දෙනාට සංස්කෘතික කටයුතු දෙපාර්තමේන්තුව විවෘත ව ආරාධනා කරයි.
අභ්‍යන්තර කටයුතු, වයඹ සංවර්ධන හා සංස්කෘතික කටයුතු අමාත්‍යංශයේ උපදෙස් පරිදි සංස්කෘතික කටයුතු දෙපාර්තමේන්තුව හා ශ්‍රී ලංකා කලා මණ්ඩලයේ රාජ්‍ය නාට්‍ය අනුමණ්ඩලය එක්ව සංවිධානය කරනු ලබයි.