නොවැම්බර් 23, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    2015 - රාජ්‍ය ළමා නාට්‍ය උළෙල, අද සිංහල නාට්‍ය දෙකක් සමඟ තවත් නාට්‍ය දෙකක්

    සැප්තැම්බර් 18, 2015
    2015 රාජ්‍ය ළමා නාට්‍ය උළෙල සිව්වැනි දිනය වන අද (17) සිංහල නාට්‍ය දෙකක් සමඟ තවත් නාට්‍ය දෙකක් වේදිකාගත කිරීමට නියමිතය.
     
    ඒ අනුව අද (18) නාත්තන්ඩිය ධම්මිස්සර ජාතික පාසැලේ "දන්නවා මං දන්නවා", මන්නාරම මඩු මහා විද්‍යාලයේ "පුත්තිසාලී පුරක්කල්", කොළඹ දේවී බාලිකා විද්‍යාලයේ  "ද විශාර්ඩ් ඔෆ් ඔෂ්", ඩී.කේ. ආටිගලගේ  "මැටි බබා" වේදිකා නාට්‍ය සතර වේදිකාගත කෙරේ.
     
    ඊයේ (17) හොරණ දොන් පේද්‍රික් මහා විද්‍යාලයේ  "චූටි පුතයි පෙත්තප්පුයි", කොළඹ විවේකානන්ද විද්‍යාලයේ "පඩි රාජා පඩි", යාපනය, වෙම්බඩි කාන්තා මහා විද්‍යාලයේ "ලව් රිගේන්ඩ්", ඒ.කේ.ඩී. නිරිදු සම්පත්, ආර්.ඩබ්.කේ.මලික් අශාන්තගේ "සුබ උපන් දිනයක් මිත්‍රයා" යන වේදිකා නාට්‍ය සතර වේදිකාගත කෙරුණි.
     
    සෑම දිනකම පස්වරු 5.00 ට මරදාන ටවර් රඟහලේ දී  පැවැත්වෙන මෙම රාජ්‍ය ළමා නාට්‍ය උළෙලේ සියලු ම නාට්‍ය නොමිලේ නැරඹීමට අවස්ථාව සලසා ඇති අතර එම නාට්‍ය නැරඹීමට පැ‍මිණෙන ලෙස පාසැල් සිසුන් ඇතුලු සියලු දෙනාට සංස්කෘතික කටයුතු දෙපාර්තමේන්තුව විවෘත ව ආරාධනා කරයි.
     
    අභ්‍යන්තර කටයුතු, වයඹ සංවර්ධන හා සංස්කෘතික කටයුතු අමාත්‍යංශයේ උපදෙස් පරිදි සංස්කෘතික කටයුතු දෙපාර්තමේන්තුව හා ශ්‍රී ලංකා කලා මණ්ඩලයේ රාජ්‍ය නාට්‍ය අනුමණ්ඩලය එක්ව සංවිධානය කරනු ලබයි. 
     
    DB

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya