ඒ අනුව අද මොනරාගල, ඔබ්බේගොඩ මහා විද්‍යාලයේ “කාගෙද මේ සිහිනය”, යාපනය, හොලි ෆැමිළි කාන්තා විද්‍යාලයේ “කිලික්කූන්ඩු”, කොළඹ, මියුසියස් විද්‍යාලයේ ප්‍රාථමික අංශයේ “කර්ඩ් ඇන්ඩ් ට්‍රිකල්”, කේ.ආර්.යමුනා ප්‍රියදර්ශනීගේ “අමුත්තෙක් ඇවිත්” යන වේදිකා නාට්‍ය සතර වේදිකා ගත කෙරේ.
ඊයේ (15) සුරංජිත් සමීර රණසිංහගේ “සුදු හාවයි ඉබි හාමියි”, වව්නියාව රම්බෙයිකුලම් කාන්තා විදුහලේ “ඔන්ඩ්‍රපඩුවෝම්”, වත්තල, ලයිසියම් ජාත්‍යන්තර පාසැලේ “බ්‍රයිට් ටු ගෙදර් ”, ඩී.කේ. ආටිගලගේ “අපූරු නගරය” යන වේදිකා නාට්‍ය 04 වේදිකා ගත කෙරුණි.
රාජ්‍ය ළමා නාට්‍ය උළෙල වෙනුවෙන් සිංහල, දෙමළ හා ඉංග්‍රීසි ළමා නාට්‍ය එකම වේදිකාවේ දී පැවැත්වේ. ළමා නාට්‍ය උළෙලේ අවසන් වටය සඳහා භාෂා තුනෙන් ම සීමිත අංශයෙන් ළමා නාට්‍ය 18ක් හා විවෘත අංශයේ නාට්‍ය ළමා නාට්‍ය 16ක් වේදිකාගත කිරීමට නියමිතය.
රාජ්‍ය ළමා නාට්‍ය උළෙල වෙනුවෙන් රඟ දැක්වෙන සියලු ම නාට්‍ය නොමිලේ නැරඹීමට අවස්ථාව සලසා ඇති අතර එම නාට්‍ය නැරඹීමට පැමිණෙන ලෙස පාසැල් සිසුන් ඇතුලු සියලු දෙනාට සංස්කෘතික කටයුතු දෙපාර්තමේන්තුව විවෘත ව ආරාධනා කරයි.
අභ්‍යන්තර කටයුතු, වයඹ සංවර්ධන හා සංස්කෘතික කටයුතු අමාත්‍යංශයේ උපදෙස් පරිදි සංස්කෘතික කටයුතු දෙපාර්තමේන්තුව හා ශ්‍රී ලංකා කලා මණ්ඩලයේ රාජ්‍ය නාට්‍ය අනුමණ්ඩලය එක්ව සංවිධානය කරනු ලබයි.