නොවැම්බර් 23, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    ලෝක ළමා දින සැමරුමට සමගාමීව සමස්ත ලංකා මට්ටමෙන් පෝස්ටර් තරඟයක්

    සැප්තැම්බර් 13, 2015
     
     
    ඔක්තෝම්බර් මස 01 වෙනි දිනට යෙදී ඇති ලෝක ළමා දිනය නිමිති කර ගෙන සමස්ත ලංකා මට්ටමින් පෝස්ටර් තරඟයක් පැවැත්වීමට ජාතික ළමා ආරක්ෂක අධිකාරිය පියවර ගෙන ඇත.
    වයස අවුරුදු 14 -18 ත් අතර පාසැල් සිසු සිසුවියන්ට මේ සඳහා ඉදිරිපත් විය හැක. මෙම පාසල් දරුවන් අවුරුදු 14 – 16 අතර සහ අවු.17-18 අතර වශයෙන් කොටස් දෙකකට වර්ග කර ඇත.  
     
    “අන්තර්ජාලය හා ජංගම දුරකථනය ප්‍රවේසමෙන්  භාවිත කරමු” යන තේමාව යටතේ පැවැත්වෙන මෙම තරඟයේදී අවුරුදු 14 – 16 අතර පාසල් දරුවන් අඟල් 8x12 ප්‍රමාණයේත්, අවු.17-18 අතර දරුවන් අඟල් 10x24 ප්‍රමාණයේ පෝස්ටර් ඉදිරිපත් කළ යුතුය.
     
    නිර්මාණ  සමඟ තරඟ කරුවන් තමන්ගේ නම, ලිපිනය, උපන්දිනය, නිවසේ හෝ භාරකරුගේ දුරකථන අංකය සහ අධ්‍යාපනය ලබන පාසල යන කරුණු ඇතුලත් අයදුම්පතක් විදුහල්පතිතුමාගේ නිර්දේශය සහිතව ඉදිරිපත් කළ යුතුය. තවද ඉදිරිපත් කරනු ලබන පෝස්ටර් තරඟකරුගේම නිර්මාණයක් බවට විදුහල්පතිතුමා සහතික කිරීම අනිවාර්ය වේ. අයදුම්පත බහා එවන කවරයේ වම්පස ඉහළ කෙළවරේ වයස් කාණ්ඩය හා දිස්ත්‍රික්කය සඳහන් කළ යුතුයි.
     
    එක් තරඟකරුවෙකුට එක් නිර්මාණයක් පමණක් ඉදිරිපත් කළ හැකි අතර දිස්ත්‍රික් හා සමස්ත ලංකා යන අදියර දෙකක් යටතේ ජයග්‍රාහකයින් තෝරනු ඇත. සමස්ත ලංකා ජයග්‍රාහකයන්ට පදක්කම්, ත්‍යාග සහ සහතික පත් පිරිනැමෙන අතර දිස්ත්‍රික් ජයග්‍රාහකයන්ට සහතික පත්‍ර පිරිනැමේ.
     
    තරඟයට ඉදිරිපත් කරන පෝස්ටර් නිර්මාණ භාවිත කරමින් ජාතික ළමාරක්ෂක අධිකාරියේ 2016 වසර සඳහා වූ දින දර්ශනය සකස් කිරීමට අපේක්ෂා කෙරේ.
     
    සම්පූර්ණ කරන ලද අයදුම්පත් මෙම මස 21 වන දිනට පෙර ලැබෙන සේ  සභාපති, ජාතික ළමා ආරක්ෂක අධිකාරිය, අංක 330, තලවතුගොඩ පාර, මාදිවෙල,  ශ්‍රී ජයවර්ධනපුර යන ලිපිනයට යොමු කළ යුතුය.
     
    මේ පිළිබඳ වැඩි විස්තර 011-2778911සිට 011-2778914 දක්වා දුරකථන අංක ඔස්සේ ජාතික ළමා ආරක්ෂක අධිකාරියේ  සැලසුම් හා තොරතුරු අංශය ඇමතීමෙන් ලබා ගත හැකි බව ජාතික ළමා ආරක්ෂක අධිකාරියේ සභාපතිනි නීතිඥ නටාශා බාලේන්ද්‍ර මහත්මිය පවසයි.
       
    AP                                                      
     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya