නොවැම්බර් 23, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    රාජ්‍ය නර්තන හා මුද්‍රා නාට්‍ය තරගාවලිය - 2015 සඳහා නිර්මාණ භාර ගැනීම ඇරඹේ

    සැප්තැම්බර් 13, 2015
     
     
    නර්තන හා මුද්‍රා නාට්‍ය ක්ෂේත්‍රයේ නිර්මාණ ශිල්පීන්ගේ නිර්මාණ හැකියාවන් වර්ධනය කිරීම හා එම ක්ෂේත්‍රයේ  දක්ෂ නිර්මාණකරුවන් රටට හදුන්වාදීම අරමුණු කරගෙන වාර්ෂිකව  පවත්වනු ලබන රාජ්‍ය නර්තන හා මුද්‍රානාට්‍ය තරගාවලිය -2015 සඳහා නිර්මාණ භාර ගැනීම අරඹා ඇත.
    අභ්‍යන්තර කටයුතු , වයඹ සංවර්ධන හා සංස්කෘතික කටයුතු අමාත්‍යාංශයේ උපදෙස් පරිදි සංස්කෘතික කටයුතු දෙපාර්තමේන්තුව හා ශ්‍රී ලංකා කලා මණ්ඩලයේ රාජ්‍ය නර්තන හා මුද්‍රා නාට්‍ය අනුමණ්ඩලය මගින් මෙම තරඟාවලිය සංවිධානය කරනු ලබයි. 
     
    රාජ්‍ය නර්තන හා මුද්‍රානාට්‍ය තරගාවලිය - 2015 සඳහා සිංහල හා දමිළ මාධ්‍යයන්ගෙන් අයදුම්පත් කැඳවනු ලබන අතර අයදුම්පත්‍ර හා තරග කොන්දේසි සංස්කෘතික කටයුතු දෙපාර්තමේන්තුවෙන් හෝ දිස්ත්‍රික් ලේකම් කාර්යාල/ ප්‍රාදේශීය ලේකම් කාර්යාලයන්හි සංස්කෘතික අංශයෙන් හා www.culturaldept.gov.lk  වෙබ් අඩවියෙන් ද ලබාගත හැකිය. 
     
    අයදුම්පත් භාර ගැනීම 2015 සැප්තැම්බර් 30 වන දින අවසන්වෙයි.සම්පූර්ණ කරන ලද නර්තන තරගාවලියේ අයදුම්පත් අදාල දිස්ත්‍රික් ලේකම් කාර්යාල වලටද, මුද්‍රා නාට්‍ය තරගාවලියේ අයදුම්පත් “ලේකම්, රාජ්‍ය නර්තන හා මුද්‍රානාට්‍ය අනුමණ්ඩලය, සංස්කෘතික කටයුතු දෙපාර්තමේන්තුව, 8 වන මහල, සෙත්සිරිපාය, බත්තරමුල්ල“ ලිපිනයට 
    එවිය යුතුයි.
     
    වැඩි විස්තර 011 3186144 දුරකථනයෙන් විමසිය හැකිය.
     
    AP
     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya