රාජ්‍ය ළමා නාට්‍ය උළෙල වෙනුවෙන් සිංහල, දෙමළ හා ඉංග්‍රීසි ළමා නාට්‍ය එකම වේදිකාවේ දී පැවැත්වේ. ළමා නාට්‍ය උළෙලේ අවසන් වටය සඳහා භාෂා තුනෙන්ම සීමිත අංශයෙන් ළමා නාට්‍ය 18ක් හා විවෘත අංශයේ නාට්‍ය ළමා නාට්‍ය 16ක් වේදිකාගත කිරීමට නියමිතය.
රාජ්‍ය ළමා නාට්‍ය උළෙල වෙනුවෙන් රඟ දැක්වෙන සියලු ම නාට්‍ය නොමිලේ නැරඹීමට අවස්ථාව සලසා ඇති අතර එම නාට්‍ය නැරඹීමට පැමිණෙන ලෙස පාසැල් සිසුන් ඇතුලු සියලු දෙනාට සංස්කෘතික කටයුතු දෙපාර්තමේන්තුව විවෘතව ආරාධනා කරයි.
DB