නොවැම්බර් 23, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    "සෙබලිය රූ රටා" සිතුවම් ප්‍රදර්ශනය ඇරඹේ

    අගෝස්තු 25, 2015
    ප්‍රථම වතාවට ශ්‍රී ලංකා යුද හමුදා කාන්තා බලකායේ විරු සෙබලියන්ගේ සිය කලා හැකියාවන් කරළියට ගෙන එමින් සංවිධානය කළ ‘සෙබලිය රූ රටා’ සිතුවම් ප්‍රදර්ශනය ඊයේ (24) කොළඹ ජාතික කලා භවනේ දී යුද හමුදාපති ලුතිතන් ජෙනරාල් ක්‍රිෂාන්ත ද සිල්වා මහතාගේ ප්‍රධානත්වයෙන් ආරම්භ විය.
    පෙරවරු 10.00 සිට පස්වරු 06.00 දක්වා මහජන ප්‍රදර්ශනය සඳහා විවෘත ව පවතින මෙම ප්‍රදර්ශනය අද (25)න් අවසන් වේ.
       
     
    මෙහි දී උත්සවය ඇමතූ යුද හමුදාපතිතුමා සෙබලියන්ගේ මෙම දක්ෂතා මහත් සේ අගය කළ අතර, ඔවුන්ට ඉදිරියට යාමට සහයෝගය ලබා දෙන බව ද පැවසීය. විශේෂ කුසලතා දැක් වූ 38 දෙනෙකුට සමරු තිළිණ සහ සහතිකපත් පිරිනැමීම ද මෙහි දි සිදු කෙරිනි. 
     
    ලංකා කලා සංගමයේ සභාපති පුලස්ති එදිරිවීර, එහි ලේකම් අරුණ කීර්ති සහ සාමාජිකාවක වන ප්‍රසාදිනි කලාරි ද යුද හමුදාපති සුරතින් ත්‍යාග ලබා ගත්හ.
     
    DB

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya