නොවැම්බර් 01, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    කැලණිය විශ්වවිද්‍යාලයේ 77 වන සාමාන්‍ය උපාධි ප‍්‍රදානෝත්සවය

    අගෝස්තු 24, 2015

    කැලණිය විශ්වවිද්‍යාලයේ 77 වන සාමාන්‍ය උපාධි ප‍්‍රදානෝත්සවය පසුගියදා කොළඹ බණ්ඩාරණායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත‍්‍රණ ශාලාවේ දී පැවැත්වුණි.


    කැලණිය විශ්වවිද්‍යාලයේ කුලපති මහෝපාධ්‍යාය, පූජ්‍ය වැලමිටියාවේ ශ‍්‍රී කුසලධම්මාභිධාන නායක ස්වාමීන් වහන්සේගේ ප‍්‍රධානත්වයෙන් පැවැත්වූ මෙම උපාධි ප‍්‍රදානෝත්සවය සඳහා කැලණිය විශ්වවිද්‍යාලයේ උපකුලපති ජ්‍යෙෂ්ඨ මහාචාර්ය සුනන්ද මද්දුම බණ්ඩාර මහතා, පාලි හා බෞද්ධ අධ්‍යයන පශ්චාත් උපාධි ආයතනයේ අධ්‍යක්‍ෂ පූජ්‍ය කොටපිටියේ රාහුල හිමි, කැලණිය විශ්වවිද්‍යාලයේ අධ්‍යයන පීඨයන් හි පීඨාධිපතිවරු, ආචාර්ය මණ්ඩලය සහ ලේඛකාධිකාරි සහභාගී වූහ.

    මෙහිදී අධිකරණ අමාත්‍ය විජේදාස රාජපක්ෂ මහතාට හා ප‍්‍රවීණ මාධ්‍යවේදී හසන්ත ශ‍්‍රී ලාල් හෙට්ටිආරච්චි මහතාට දර්ශන විශාරද උපාධිය පිරිනැමුණු අතර පාලි හා බෞද්ධ අධ්‍යයන පශ්චාත් උපාධි ආයතනයේ දර්ශන විශාරද, දර්ශනපති, ශාස්ත‍්‍රපති, බෞද්ධ අධ්‍යයන පශ්චාත් උපාධි ඩිප්ලෝමා, බෞද්ධායුර්වේද උපදේශන පශ්චාත් උපාධි ඩිප්ලෝමා හා ශාස්ත‍්‍රවේදී යන උපාධි, පශ්චාත් උපාධි ඩිප්ලෝමා මෙහිදී පිරිනැමිණි.

    NDH

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya