නොවැම්බර් 23, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    මහනුවර ඇසළ පෙරහර මංගල්‍යයේ අවසන් කුඹල් පෙරහර අද

    අගෝස්තු 24, 2015

    මහනුවර ඇසළ පෙරහර මංගල්‍යයේ අවසන් කුඹල් පෙරහර අද (24) රාත්‍රී වීදි සංචාරය කිරීමට නියමිතය.


    දළදා මාලිගාව ඉදිරිපිටින් දකුණු දිශාභිමුඛව අද රාත්‍රී 7.12ට ආරම්භ වන කුඹල් පෙරහර දළදා වීදිය, යටිනුවර වීදිය සහ රජ වීදිය ඔස්‌සේ ගමන් කර ගෙවදීමට නියමිතයි.

    හෙට (25) දින රාත්‍රී ප්‍රථම රන්දෝලි පෙරහර ආරම්භවීමට නියමිතයි. අවසන් රන්දෝලි පෙරහර ලබන 29දා පැවැත්වෙන අතර ඊට පසුදා දිය කැපීමේ මංගල්‍යය සිදු කෙරෙනු ඇත.

    පෙරහර නරඹන්නන්ගේ ආරක්ෂාව වෙනුවෙන් පොලිස් නිලධාරීන් 4,000ක් පමණ යොදවා ඇති අතර පෙරහර පැවැත්වෙන කාලසීමාවේදී මහනුවර නගරය සහ ඒ අවට මාර්ගවල විශේෂ රථවාහන සැලැස්මක්ද ක්‍රියාත්මක වේ.

    රන්දෝලි පෙරහර වීදි සංචාරය කරන්නේ ලබන 25 සිට 29 දක්වායි.

    30 දින අලුයම ගැටඹේ තොටුපළින් දිය කැපීමේ මංගල්‍යයෙන් පසු පැවැත්වෙන දවල් පෙරහරෙන් මහනුවර ඇසළ පෙරහර මංගල‍්‍යය නිමාවට පත් වේ.

    NDH

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya