අමරපුර නිකායේ ප්‍රධාන අධිකරණ සංඝනායක පූජ්‍ය දොඩංගොඩ අස්සජී මහා නායක ස්වාමීන් වහන්සේ පසුගිය 15දා අපවත් වූ අතර ඊයේ (19) දින මොරටුව ලුනාව කලපුව ක්‍රීඩාංගණයේ දී ආදාහන පූජෝත්සවය පැවැත්වූහ.
අපවත් වී වදාළ පූජ්‍ය දොඩංගොඩ අස්සජී හිමියන් 1990 වර්ෂයේ සිට ශ්‍රී ලංකා යුද හමුදා බෞද්ධ සංගමයේ අනුශාසක ලෙස ක්‍රියාකළ අතර යුද හමුදාවේ ආගමික වැඩසටහන් රැසක් සඳහා දායකත්වය ලබා දී ඇත.
එම ආදාහන පූජෝත්සවය සඳහා යුද හමුදා බෞද්ධ සංගමයේ සභාපති මේජර් ජෙනරාල් මහින්ද අඹන්පොළ, යුද හමුදා බෞද්ධ සංගමයේ සාමාජිකයෝ, ජ්‍යෙෂ්ඨ නිලධාරීහු, නිලධාරීහු සහ සෙසු නිලයන් බොහෝ පිරිසක් සහභාගී වූහ.
NDH/army.lk