පස්වරු 6.52ට දළදා මාලිගාව අභියසින් වයඹ දිශාභිමුඛව පිටත්වන පෙරහර දළදා වීදිය, ඩී.එස්. සේනානායක වීදිය, පන්සල පාර, දේව වීදිය, කොළඹ වීදිය, යටිනුවර වීදිය, රජවීදිය ඔස්සේ ගමන්කොට ඉහළට විත් ගෙවැදීමට නියමිතය.
කුඹල් පෙරහර අද (20) සිට ලබන 24 දින දක්වා පැවැත්වෙන අතර රන්දෝලි පෙරහර වීදි සංචාරය කරන්නේ ලබන 25 සිට 29 දක්වායි.
30 දින පැවැත්වෙන දවල් පෙරහරෙන් පසු මහනුවර ඇසළ පෙරහර මංගල්‍යය නිමාවට පත්වේ.
NDH