විශ්‍රාමික ධජ නිලධාරීන්ගේ සංගමය විසින් වාර්ෂිකව සංවිධානය කරනු ලබන ජෙනරාල් දේශමාන්‍ය ඩෙනිස් පෙරේරාගේ ගුණානුස්මරණ උත්සවය තෙවන වරටත්, ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානී, ත්‍රිවිධ හමුදාපතිවරුන්, කොතලාවල ආරක්ෂක විශ්වවිද්‍යාලයේ උපකුලපති මේජර් ජෙනරාල් මිලින්ද පීරිස් හා ත්‍රිවිධ හමුදා සේවයේ නියුතු සහ විශ්‍රාමික නිලධාරීන් විශාල පිරිසකගේ මෙන්ම ජෙනරාල් දේශමාන්‍ය ඩෙනිස් පෙරේරාගේ පවුලේ සාමාජිකයින්ගේ සහභාගීත්වයෙන් රත්මලාන, කොතලාවල ආරක්ෂක විශ්වවිද්‍යාල ශ්‍රවනාගාරයේදී පසුගියදා පවත්වන ලදී.
විශ්‍රාමික ධජ නිලධාරී සංගමයේ ආරාධනයෙන් එහි අනුස්මරණ දේශනය නාවික හමුදාධිපති වයිස් අද්මිරාල් රවීන්ද්‍ර විජේගුණරත්න මහතා විසිනි. ˝සමුද්‍රාසන්න රාජ්‍යයක් වන ශ්‍රී ලංකාවේ සාගරික ආරක්ෂාව සඳහා එහි ඇති වැදගත්කම හා කාර්යභාරය˝ යන තේමාව යටතේ මේ දේශනය පැවැත්වීය.