නොවැම්බර් 23, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    ජාත්‍යන්තර සිසුන් සඳහා සංස්කෘතික සංචාරයක්

    අගෝස්තු 09, 2015
    කැලණිය විශ්වවිද්‍යාලයේ වාණිජ හා කළමනාකරණ, විද්‍යා, මානවශාස්ත‍්‍ර හා සමාජ විද්‍යා පීඨවල ප‍්‍රථම සහ පශ්චාත් උපාධි හදාරන විදේශීය සිසුන් සඳහා ජාත්‍යන්තර ශිෂ්‍ය කටයුතු අංශය මඟින් සංස්කෘතික සංචාරයක් පසුගිය දා සූදානම් කර තිබුණි.
    චීන, කෙන්යා, පකිස්ථානු, පලස්තීනු, දකුණු අපි‍්‍රකානු, වියට්නාම් සහ ටර්ක්මෙනිස්තානු ජාතික ශිෂ්‍යයෝ නුවරඑළියේ එක් රාති‍්‍රයක් ගත ක මෙම කඳුරට සංචාරයට එක්වූහ.
    මාර්ගෝපදේශ සහිතව මැක්වුඞ් ලබුකැලේ තේ කර්මාන්ත ශාලා නැරඹීම, වික්ටෝරියා උද්‍යානය, නුවරඑළිය නගරයේ සහ ග්‍රෙගරි වැව හා එම උද්‍යානයේ සුන්දරත්වය විඳීම, සීතා එළියේ සීතායි අම්මාන් කෝවිල නැරඹීම  මේ සංචාරයේ විශේෂ අවස්ථා විය.
    මෙහි දී ශිෂ්‍ය සහයෝගිතාව වර්ධනය වීමට අවස්ථාව උදාවූ අතර, ශී‍්‍ර ලංකාවේ හරිත සුන්දරත්වය විඳගැනීමට ඉඩ සලසා දෙමින් දේශීය සංස්කෘතියට සමීප වීමට අවස්ථාව සලස්වා දීම සිදුවිය. ජාත්‍යන්තර ශිෂ්‍ය කටයුතු අධ්‍යක්ෂ මහාචාර්ය නිලක්ෂි පේ‍්‍රමවර්ධන මහත්මිය ද වැඩසටහන් සහකාර තිළිණි ප‍්‍රනාන්දු මෙනවිය ද මේ චාරිකාවට එක්වූහ. 
     
    සියලු පහසුකම් සහිත ව මෙවන් දුර්ලභ අවස්ථාවක් ලබා දීම පිළිබඳ ව මේ සඳහා සහභාගී වූ විද්‍යාර්ථීහු උපකුලපති මහාචාර්ය සුනන්ද මද්දුම බණ්ඩාර මහතාට අවංක ස්තුතිය පළකළහ.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya