නොවැම්බර් 23, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    වාග් විද්‍යාව පිළිබඳ ජාත්‍යන්තර සම්මන්ත‍්‍රණයක් කැලණියේ දී

    අගෝස්තු 07, 2015
    කැලණිය විශ්වවිද්‍යාලයේ මානව ශාස්ත‍්‍ර පීඨයේ වාග් විද්‍යා අධ්‍යයන අංශය මඟින් ප‍්‍රථම වරට සංවිධානය කරන ලද වාග් විද්‍යාව පිළිබඳ ජාත්‍යන්තර සම්මන්ත‍්‍රණයක් ඊයේ(06) කැලණිය විශ්වවිද්‍යාලයේදී පැවැත්විණ.
    කැලණිය විශ්වවිද්‍යාලයේ උපකුලපති මහාචාර්ය සුනන්ද මද්දුමබණ්ඩාර මහතාගේ ප්‍රධානත්වයෙන් පැවති මෙම සම්මන්ත‍්‍රණයේ ප‍්‍රධාන දේශනය සිදු කරන ලද්දේ සිංහල භාෂාව පිළිබඳ මහාචාර්යවරයෙක් මෙන්ම පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ කලා පීඨයේ හිටපු පීඨාධිපතිවරයා ද වූ මහාචාර්ය කේ.එන්.ඕ. ධර්මදාස මහතා විසිනි. 

    කැලණිය විශ්වවිද්‍යාලයේ පර්යේෂණ සංගමයේ සභාපති මහාචාර්ය එම්.ජේ.එස්. විජේරත්න මහතා ද මෙහිදී විශේෂ දේශනයක් පැවැත්විය. මානව ශාස්ත‍්‍ර, සමාජීය විද්‍යා හා විද්‍යා පීඨයේ පීඨාධිපතිවරු, වාග් විද්‍යා අධ්‍යයන අංශයේ අංශ ප‍්‍රධාන ඇතුළු අධ්‍යයන කාර්ය මණ්ඩලය, ලේඛකාධිකාරි සහ විද්‍යාර්ථීහු රැසක් මේ සඳහා සහභාගී වූහ.

    වාග් විද්‍යා විෂය ක්ෂේත‍්‍රයේ විවිධ තේමා ඔස්සේ පර්යේෂණ පත‍්‍රිකා 55ක් මෙහිදී ඉදිරිපත් කෙරිණි.
    NDH

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya