නොවැම්බර් 23, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    බෙල්ලන්විල රන්දෝලි පෙරහර අගෝ: 15දා

    අගෝස්තු 04, 2015
    බෙල්ලන්විල රජමහා විහාරයේ වාර්ෂික ඇසළ පෙරහර මංගල්‍යය එළැඹෙන 05දා කප් සිටුවීමෙන් ආරම්භ කෙරෙන අතර රන්දෝලි පෙරහර අගෝ: 15දා රාත්‍රී වීථි සංචාරය කෙරෙනු ඇත.
    ඒ අනුව අගෝ: 08දින දේවදූත පෙරහර හා කුඹල් පෙරහර පැවැත්වෙන අතර අගෝ: 09දා සිට 12දා දක්වා මල් පෙරහර පැවැත්වේ. අගෝ: 13දා පාවඩ පෙරහර ද 14දා රන්සිවිලි පෙරහර ද පැවැත්වෙන අතර අගෝ: 16දා බෙරලැස්ගමුව තොටුපළේ දී සිදුකරන දිය කැපීමේ මංගල්‍යයෙන් පෙරහර කටයුතු නිමාවට පත් වේ.
    අගෝ: 17දාට යෙදී ඇති 2015 මහ මැතිවරණය හේතුවෙන් පෙරහර ගමන්ගන්නා මාර්ගය කෙටි කිරීමට මෙවර පෙරහර කමිටුව තීරණය කොට ඇත. ඒ අනුව මෙවර පෙරහර දෙහිවල - මහරගම ප්‍රධාන මාර්ගය, බෙල්ලන්විල ශ්‍රී සෝමරත්න මාවත හා විහාර මාවතේ පමණක් වීථී සංචාරය කරනු ඇත.
    බෙල්ලන්විල රජමහා විහාරයේ වාර්ෂික ඇසළ මහා පුණ්‍යෝත්සවය පවුගිය 30දායින් ආරම්භ වූ අතර ඇසළ පෙරහර නිමිත්තෙන් පැවැත්වෙන සති පිරිත් දේශනය පසුගිය 02දා ආරම්භ විය.
    වාර්ෂික ඇසළ මහා පෙරහර මංගල්‍යය බෙල්ලන්විල රාජමහා විහාරාධිපති ව වැඩ විසූ අතිපූජ්‍ය බෙල්ලන්විල ශ්‍රී සෝමරතන නායක ස්වාමීන්ද්‍රයන් වහනසේගේ අනුශාසනා පරිදි 1950වසරේ දී ආරම්භ කොට ඇති අතර මෙවර පෙරහර මංගල්‍යය පැවැත්වෙන්නේ 65වැනි වරටය.
    DB

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya