නොවැම්බර් 23, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    වාර්ෂික පුරාවිද්‍යා සමුළුව 2015

    ජූලි 15, 2015

    පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවේ වාර්ෂිකව සංවිධානය කරනු ලබන “පුරාවිද්‍යා සමුළුව 2015“  මෙවරද සංස්කෘතික කටයුතු රාජ්‍ය අමාත්‍යාංශ ලේකම් එච්.ඩී.එස්.මල්කාන්ති මහත්මියගේ ප්‍රධානත්වයෙන් ශ්‍රි ලංකා පදනම් ආයතන ශ්‍රවණාගාරයේදි පැවැත්විණි.

     

    මෙවර සමුළුවේ සුවිශේෂි භාවය නම් පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවේ 125 වැනි සංවත්සරය ද ජුලි 07 වන දිනට යෙදී  තිබීමයි. ලාංකීය ජාතික උරුමයන් සුරක්ෂිත කරලීමේ දී ලාංකීය පුරවැසියන් වශයෙන් පුරාවස්තු ආරක්ෂා කිරීම සහ හමුවන පුරාවස්තු පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවේ වෙත ලබා දීමේ සුවිශේෂි කාර්ය භාර්ය ඉටුකරමින්  පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව හා එක්ව කටයුතු කරන සිවිල් පුරවැසියන් ඇගයිමට ලක්වූහ.

     

    125වැනි පුරාවිද්‍යා සංවත්සරයට සමඟාමීව පැවැත්වුනු චිත්‍ර තරගයේ ජයග්‍රහාක පාසල් සිසුන් හට සහතික පත් ප්‍රදානය කිරීම සහ පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව විසින් සම්පාදිත “ දායාද ” සඟගරා සහ පුරාවිද්‍යා ග්‍රන්ථ කිහිපයක් එළි දැක්වීම ද මෙහි දී සිදුවිය.

     

    මෙම අවස්ථාව සඳහා පුරාවිද්‍යා අධ්‍යක්ෂ ජනරාල් සෙනරත් දිසානායක, හිටපු පුරාවිද්‍යා අධ්‍යක්ෂවරුන් වන ශිරාන් දෑරණියගල, කේ.ඩී. විජේපාල, අමාත්‍යාංශ අතිරේක ලේකම් ඩබ්.ඒ.ඩී.එස්. ගුණසිංහ, කෞතුකාගාර අධ්‍යක්ෂ සනුජා කස්තුරිආරච්චි, ලේඛණාගාර අධ්‍යක්ෂ සරෝජා වෙත්තසිංහ යන මහත්ම මහත්මීන් ඇතුළු පුරාවිද්‍යා ‍‍‍විද්වතුන් රැසක් සහාභාගී වී සිටියහ.

     

    SDF

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya