රාමසාන් උත්සව සමයට සමගාමිව කිලිනොච්චි ආරක්ෂක සේනා මුලස්ථාන ආඥාපති මේජර් ජෙනරාල් සුදන්ත රණසිංහ මහතාගේ මගපෙන්වීම මත කිලිනොච්චි ආරක්ෂක සේනා මූලස්ථාන සෙබළුන් විසින් මෙම උත්සවය සංවිධානය කරන ලදී.
මෙහිදි මුස්ලිම් ආගමික නායකයෙකු ‘ඉෆ්තාර්’ සැමරුමේ වැදගත්කම පිළිබඳ ව පැහැදිලි කළ අතර මෙම උත්සව අවස්ථාවට සහභාගිවූවන් වෙත සාම්ප්රදායික මුස්ලිම් ආහාර වර්ග ද ලබා දුනි.
මේජර් ජෙනරාල් සුදන්ත රණසිංහ මහතා, කිලිනොච්චි මහේස්ත්රාත් එම්.අයි. වහබ්දීන් මහතා, ආගමික නායකයෝ ඇතුළු සියලු ආගම් නියෝජනය කරමින් 300කට අධික පිරිසක් මෙම අවස්ථාව සඳහා සහභාගී වූහ.
NDH/army.lk