කොළඹ 14, ග්‍රෑන්ඩ්පාස් හි සුගතදාස ජාත්‍යන්තර ක්‍රීඩාංගණය අසල පිහිටි ඒ මහතාගේ පිළිරුවට පුෂ්පෝහාර දැක්වීම අද පෙරවරු 10.00ට හිටපු මැති ඇමතිවරුන්ගේ සහභාගිත්වයෙන් සිදු කරනු ඇත.
සුගතදාස ජාත්‍යන්තර ක්‍රීඩාංගණයේ නිර්මාතෘවරයා වී.ඒ. සුගතදාස මහතායි. 1965 ඩඩ්ලි සේනානායක අගමැතිතුමාගේ රජයේ ජනසතු සේවා හා ක්‍රීඩා ඇමතිවරයා වශයෙන් තේරී පත් වී මුළු මහත් රටට ම විශාල සේවයක් ඉටුකර ඇති ඒ මහතා ශ්‍රී ලංකාවේ ප්‍රථම ක්‍රීඩා අමාත්‍යවරයා වශයෙන් තේරී පත්වූ පසු පාපන්දු ක්‍රීඩාව සඳහා විශාල සේවයක් සිදු කළේය. අනිකුත් ක්‍රීඩාවන් නගාසිටුවීමට ද මෙතුමා මහත් වෙහෙසක් දැරීය.
NDH