අප්‍රේල් 20, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    ලෝක ශ්‍රවණ දිනය- ජීවිත කාලයම ඇසීමට ප්‍රවේශමෙන් ඇහුන්කම් දෙන්න...

    මාර්තු 02, 2022

     ලෝක ශ්‍රවණ දිනය- ජීවිත කාලයම ඇසීමට ප්‍රවේශමෙන් ඇහුන්කම් දෙන්න...

    ලෝක සෞඛ්‍ය සංවිධානය විසින් සෑම වසරකම මාර්තු 03 වනදා ජාත්‍යන්තර ශ්‍රවණ දිනය ලෙස ප්‍රකාශයට පත්කර ඇත. ඒ අනූව සෑම වසරකම මාර්තු 03 වනදා ජාත්‍යන්තර ශ්‍රවණ දිනය සමරනු ලබයි.

    ලෝක ශ්‍රවණ දිනය වෙනුවෙන්  උගුර, කන, නාසය පිළිබද විශේෂඥ වෛද්‍යවරුන්ගේ සංගමයේ සභාපති විශේෂඥ වෛද්‍ය යසස් වීරක්කොඩි මහතා  මේ පිළිබඳ අඳහස් දක්වමින් මෙසේ පැවසීය.

    මෙවර ජාත්‍යන්තර ශ්‍රවණ දිනයෙහි තේමාව වනුයේ ජීවිත කාලයම ඇසීමට ප්‍රවේශමෙන් ඇහුන්කම් දෙන්න යන්නයි. (To hear for life listen carefully) වර්තමානය වන විට අධික ශබ්දය හේතුවෙන් ශ්‍රවණාබාධ වැඩිවීමේ ප්‍රවණතාවයක් ඇති බව දත්ත අනූව ලෝක සෞඛ්‍ය සංවිධානය සොයාගෙන ඇත. විශේෂයෙන්ම මෙම ශ්‍රවණාබාධ තරුණ පරම්පරාව අතර සුලභවී ඇත. එයට හේතුව නම් වැඩි වශයෙන් පුද්ගලික ශ්‍රවණ උපකරණ (personal Hearing devises) head phones, ear phones ආදී උපකරණ තරුණ පරම්පරාව අතර භාවිතය වැඩි වීමයි. සංගීතයට සූම් දේශන ආදියට සවන්දීම සදහා ඔවුන් මේවා භාවිතා කරයි. මෙසේ අධික ශබ්දයකින් මෙම උපකරණ භාවිතය හේතු කොටගෙන මෙම ශ්‍රවණාබාධ හටගන්නා බව විශ්වාසයයි.

    ශබ්දය නිසා ශ්‍රවණාබාධ ඇතිවිය හැකි ආකාර දෙකක් හදුනාගෙන ඇත. ඉන් පළමුවැන්න එක් වරක් පමණක් එන අධික ශබ්ද. එනම් රතිඤ්ඤා කරලක් කන අසල අධික ශබ්දයකින් පිපිරී යාම, වාහනයක අධික ශබ්දයක් ඇති නලාවක් කන අසල හැඩවීම, සංගීත සන්දර්ශනයක ශබ්ද විකාශන යන්ත්‍රයකින් කන අසල අධික ශබ්දයක් නිකුත් කිරීම වැනි අවස්ථා ඊට උදාහරණ වෙයි. දෙවන ආකාරය වනුයේ දීර්ඝ කාලයක් ඝෝෂාකාරී පරිසරයක සිටීමෙන් ඇතිවන ශ්‍රවණාබාධ. මෙහිදී ඝෝෂාකාරී පරිසරයක සේවය කරනවා නම් හෝ head phones ආදී උපකරණ දීර්ඝ කාලයක් අධික ශබ්දයකින් යුතුව භාවිතා කිරීමෙන් ශ්‍රවණාබාධ ඇතිවිය හැකියි.

    මෙම තත්ත්වයන්ගෙන් වැළකිය හැකි ආකාරය සම්බන්ධයෙන් ජාත්‍යන්තර ශ්‍රවණ දිනයේදී අවධානය යොමු කිරීම වැදගත් වෙයි. අඛණ්ඩව පුද්ගලික ශ්‍රවණ උපකරණ භාවිතා කරන්නේ නම්එහි ශබ්දය 60%ට වඩා අඩුකර භාවිතා කළ යුතුයි. පුද්ගලික ශ්‍රවණ උපකරණ භාවිතා කිරීමේදී පැයකට වරක් කනට විනාඩි කිහිපයක විවේකයක් ලබාදිය යුතුයි. ඝෝෂාකාරී පරිසරයක වැඩ කරනවා නම් නිරන්තරයෙන් කන් ඇබ (Ear Plugs) පැළද වැඩ කිරීම යෝග්‍ය වෙයි.

    ශ්‍රවණය පිළිබද සැලකිලිමත් වෙමින් ප්‍රවේශමෙන් ඇහුන්කම් දෙමු... ශ්‍රවණය සුරකිමු..!

    සටහන - පූර්ණා පුණ්‍යමලී නානායක්කාර.

     

     

     

     

     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya