අප්‍රේල් 24, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    ජාතික සංහිඳියාව පිළිබඳව සෘජුව රාජ්‍යතන්ත්‍රය සමඟ සංවාද කිරීමට “අහන්න” වැඩසටහන මහජන වේදිකාවක් බවට පත් කර ගන්නැයි රජය සියලු පුරවැසියන්ගෙන් ඉල්ලයි

    අගෝස්තු 09, 2018

    ජාතික සංහිඳියාව පිළිබඳව සෘජුව රාජ්‍යතන්ත්‍රය සමඟ සංවාද කිරීමට “අහන්න” වැඩසටහන මහජන වේදිකාවක් බවට පත් කර ගන්නැයි රජය සියලු පුරවැසියන්ගෙන් ඉල්ලයි.

     දිවයිනේ ප්‍රාදේශීය මට්ටමෙන් පැවැත්වෙන “අහන්න” වැඩසටහනට පැමිණ ජාතික සංහිඳියාව පිළිබඳ ජනතාවට තිබෙන ගැටලු සෘජුව රාජ්‍යතන්ත්‍රය සමඟ සංවාද කිරීමට “අහන්න” වැඩසටහන මහජන වේදිකාවක් බවට පත් කර ගන්නනැයි රජය සියලු පුරවැසියන්ගෙන් ඉල්ලා සිටින බව රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව අවධාරණය කරයි.

    මුදල හා ජනමාධ්‍ය අමාත්‍යාංශය, ජාතික සංහිඳියා හා කාර්යාංශය එක්ව ජාතින් අතර සමගිය සංහිඳියාව හා අන්‍යොන්‍ය විශ්වාසය තහවුරු කිරීම උදෙසා ආරම්භ කළ “අහන්න” ජනතා වැඩසටහන ඊයේ (08) වැනි දින කොළඹ දිස්ත්‍රික්කයේ කඩවත හා
    දෙහිවල ප්‍රදේශවලින් ආරම්භ වූ අතර දිවයින පුරා ක්‍රියාත්මක වන මෙම වැඩසටහනට ජනතා සහය නොඅඩුව ලැබෙන බව රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව පවසයි.


    මෙරට පැවති 30 වසරක යුද්ධය නිමා කර සියලු ජාතීන් අතර සමඟිය සහ සංහිඳියාව හා අන්‍යොන්‍ය විශ්වාසය තහවුරු කරමින එකම ශ්‍රී ලාංකික ජාතියක් ලෙස නැගී සිටීමට අපේක්ෂා කළ නමුත් පසුගිය දශකයට ආසන්න කාලය තුළ උතුරු නැගෙනහිර යුද්ධය නිමා කළත් රටේ ජනතාව අපේක්ෂා කළ ජාතික සංහිඳියාව ගොඩනැගීම සඳහා පසුගිය කාලපරිච්ජේදයේ විධිමත් වැඩපිළිවෙළක් නොමැති විය. ඒ හේතුවෙන් ජාතීන් අතර ආගම් අතර විශ්වාසය බිඳවැටී යම්යම් අවාසනාවන්ත සිදුවීම් පසුගියදා වාර්තා වූ අතර එවන් පසුබිමක් යළි නිර්මාණය නොවීම සඳහා රජය සියලු ජාතීන් ඒකරාශි කිරීම සඳහා තිරසර වැඩපිළිවෙළක් ආරම්භ කරමින් “අහන්න” ජාතිත සංහිඳියා වැඩසටහන ආරම්භ කළ බව මුදල් හා ජනමාධ්‍ය අමාත්‍යාංශය අවධාරණය කරයි.

    නව ගෝලීය ආර්ථික ප්‍රවණතා හඳුනාගනිමින් සංවර්ධනයේ ඉලක්කයන් කරා ළඟවීමට නම් එකම ශ්‍රී ලාංකික ජාතියක් ලෙස සිංහල, දෙමළ, මුස්ලිම්, බර්ගර් බෞද්ධ හින්දු ඉස්ලාම් ක්‍රිස්තියානි මේ සියලු ජාතීන් හා ආගම් එක්ව ශ්‍රී ලාංකේය අනන්‍යතාවයකින් යුත්තව ඉදිරියට ගමන් කළ යුතු බැවින් පටු ආකල්ප හා වෙනත් අරමුණු තුළ සිට ගැටුම් ඇති කර ගැනීම වෙනුවට ග්‍රාමීය මට්ටමේ සිට සියලු ජාතීන්, සියලු ආගම් එකට සහෝදරත්වයෙන් ජීවත් වීම උදෙසාත් ආර්ථික වශයෙන් සමෘද්ධිමත් ජාතියක් බිහි කිරීම උදෙසාත් ආකල්පමය වෙනසකට රට ගමන් කිරීම මෙම වැටසටහනේ අරමුණ බව මුදල් හා ජනාමාධ්‍ය අමාත්‍ය මංගල සමරවීර මහතා අවධාරණය කරයි.

    මෙකී ඉලක්ක හා අරමුණු කර ගනිමින් ඊයේ (08) “අහන්න” ජාතික සංහිඳියා වැඩසටහනේ මංගල පියවර පැවැත් වූ දෙහිවල එස්.ඩී.එස්.ජයසිංහ පාසල් ක්‍රීඩාංගනයේ පැවැත්වූ ප්‍රථම වැඩසටහනට සහභාගි වූ සිවිල් සමාජ ක්‍රියාකාරකයෙකු වූ රාජා උස්වැටකෙයියාව මහතා අදහස් දක්වමින් මෙසේ පැවසීය. සංහිඳියාව ක්‍රියාව තුළින් ජාතීන් අතර ගැටුම් අවම කිරීම “අහන්න” සංහිඳියා වැඩසටහනේ අරමුණු බව පැවසූ ඒ මහතා දිවයින පුරා ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස ආවරණය කරමින් ජනතා දැනුම්වත් කිරීමට බලාපොරොත්තු වන බව ද වැඩිදුරටත් ඒ මහතා පැවසීය.

    දිවයිනේ ප්‍රජා පොලිස් ඒකක හා යෞවන සමාජ සමාජික සාමාජිකාවන් මෙන්ම ග්‍රාමීය ජනතාවගේ සහභාගිත්වයෙන් පැවැත්වෙන මෙම වැඩසටහනේදී පැනනැගෙන ගැටලු සැලකිල්ලට ගෙන ඒවා විසඳීමට රජයක් වශයෙන් මැදිහත්වීම රජයේ අරමුණ බව පවසන රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව මෙම වැඩසටහන තුළින් ග්‍රාමීය ප්‍රජාවන්ගේ අවශ්‍යතාවන් ද හඳුනාගෙන් ඒවාට විසඳුම් ලබාදෙන මහජන වේදිකාවක් බවට අහන්න වැඩසටහන පත් කර ගන්නා ලෙස ද රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව මහජනතාවගෙන් වැඩිදුරටත් ඉල්ලා සිටි.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya