අප්‍රේල් 25, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    රාජ්‍ය වෙසක් උත්සවය - 2018

    අප්‍රේල් 11, 2018

    ශ්‍රී බු.ව. 2562 රාජ්‍ය වෙසක් මහෝත්සවය ත්‍රෛනිකායික මහානායක ස්වාමින් වහන්සේලා ප්‍රමුඛ මහා සංඝරත්නය, අතිගරු ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මැතිතුමා සහ ගරු අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් අප්‍රේල් මස 28 හා 29 යන දෙදින තුළ කුරුණෑගල බිංගිරිය දේවගිරි රාජමහා විහාරයේ දී පැවැත්වීමට කටයුතු යොදා ඇත.

    මීට අමතරව එම විහාරස්ථානය කේන්ද්‍ර කර ගනිමින් අප්‍රේල් 26 වන දින සිට මැයි මස 02 වන දින දා දක්වා වෙසක් සතියක් ද ක්‍රියාත්මක වේ. මෙම රාජ්‍ය වෙසක් උත්සවය ගරු බුද්ධශාසන අමාත්‍ය ගාමිණී ජයවික්‍රම පෙරේරා මැතිතුමාගේ අනුශාසකත්වයෙන් බුද්ධශාසන අමාත්‍යංශය, බෞද්ධ කටයුතු දෙපාර්තමේන්තුව සමග එක්ව සංවිධානය කරනු ලැබේ.

    මෙවර රාජ්‍ය වෙසක් මහෝත්සවයේ නිල මාධ්‍ය අනුග්‍රහය එක් මාධ්‍ය ආයතනයකට පමණක් නොපවරා රාජ්‍ය හා පෞද්ගලික අංශයේ සියලුම විද්‍යුත් හා මුද්‍රිත මාධ්‍ය ආයතන සමඟ සාමූහිකව ප්‍රචාරක කටයුතු සිදුකිරීමට ගරු බුද්ධශාසන අමාත්‍යතුමා, බුද්ධශාසන අමාත්‍යංශය සහ බෞද්ධ කටයුතු දෙපාර්තමේන්තුව තීරණය කර ඇත. 

    එබැවින් ශ්‍රී බු.ව. 2562 රාජ්‍ය වෙසක් උත්සවය නිමිත්තෙන් සිදුකරනු ලබන ජාතික හා ජාත්‍යන්තර වශයෙන් වැදගත් වැඩසටහන් ප්‍රචාරය කිරීම සඳහා ශ්‍රී ලාංකීය විද්‍යුත් හා මුද්‍රිත මාධ්‍ය  ආයතනයන් හි ඉඩකඩ වෙන් කරවා ගැනීම සම්බන්ධයෙන් සාකච්ඡා කිරීම සඳහා විශේෂ රැස්වීමක් අප්‍රේල් මස 19 පෙරවරු 11.00 ට  ජනමාධ්‍ය අමාත්‍යංශ ශ්‍රවණාගාරයේ දී පැවැත්වීමට කටයුතු යොදා ඇත.  

    මෙම අවස්ථාවට බිංගිරිය දේවගිරි රජමහා විහාරයේ විහාරාධිපති අතිපුජ්‍ය මලඟනේ අත්ථදස්සි හිමියන්, ගරු බුද්ධශාසන අමාත්‍ය ගාමිණී ජයවික්‍රම පෙරේරා මැතිතුමා, ගරු ජනමාධ්‍ය හා මුදල් අමාත්‍ය මංගල සමරවීර මැතිතුමා, ගරු අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් මැතිතුමා, ගරු අභ්‍යන්තර කටයුතු, වයම සංවර්ධන හා සංස්කෘතික කටයුතු අමාත්‍ය එස්. බී. නාවින්න මැතිතුමා, ගරු බුද්ධශාසන නියෝජ්‍ය අමාත්‍ය සාරති දුෂ්මන්ත මිත්‍රපාල මැතිතුමා ඇතුළු රාජ්‍ය නිලධාරීන් කිහිපදෙනෙක් ද සහභාගී වන බව කාරුණිකව සලකන්න. මීට පෙර අවස්ථාවලදී ද මෙවැනි ජාතික කාර්යන්හිදී ඔබ ආයතනය විසින් දක්වන ලද සහයෝගය ඉතා අගය කොට සලකමි.

    නීතිඥ සුදර්ශන ගුණවර්ධන
    රජයේ ප්‍රවෘත්ති අධ්‍යක්ෂ ජනරාල්

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya