තංගල්ල සීනිමෝදර සහ ගොඩැල්ලවෙල ප්‍රදේශවල ලොරි රථ තුනක සඟවා තිබූ හෙරොයින් සහ අයිස් මත්ද්‍රව්‍ය කිලෝග්‍රෑම් 600කට අධික ප්‍රමාණයක් සොයා ගැනේ
තංගල්ල සීනි මෝදර ප්‍රදේශයේ පොලිසිය සිදු කළ විශේෂ මෙහෙයුමකදී ලොරි රථ 03ක සගවා තිබූ හෙරොයින්, සහ අයිස් මත්ද්‍රව්‍ය කිලෝ 600 කට අධික ප්‍රමාණයක් සහ ටී-56 ගිනි අවියක් ඇතුළු ගිනි අවි 6ක් සොයා ගැනීමට පොලිසියට හැකි විය.
තංගල්ල රෝහලට අද උදෑසන කාලයේ ඇතුළත් කල පුද්ගලයෙකු සැක සහිත ලෙස මිය යාමට අදාලව මිය ගිය පුද්ගලයාගේ ඥාතීන් විසින් සිදු කරන ලද පැමිණිල්ලකට අදාලව තංගල්ල පොලිස් ස්ථානය මඟින් විමර්ශන ආරම්භ කර මිය ගිය පුද්ගලයා රැඳී සිටි සීනිමෝදර ප්‍රදේශයේ නිවස පරීක්ෂා කිරීමේදී එහි තිබී තවත් මෘත ශරීර දෙකක් හමු වී ඇත. මෙය අළුත් වැඩියා කරමින් පැවති නිවසක් වන අතර එම නිවසේ ඉදිකිරීම් කටයුතු සිදු කල පුද්ගලයන් තිදෙනෙකු මෙලෙස මිය ගොස් ඇති බවට අනාවරණය වී ඇත. ඒ අනුව සිදුකළ වැඩිදුර විමර්ශනයේදී මෙම හෙරොයින්, අයිස් මත්ද්‍රව්‍ය සහ ගිනි අවි අත්අඩංගුවට ගැනීමට පොලිසියට හැකි විය. පොලිසිය මේ සම්බන්ධව තව දුරටත් වැඩිදුර විමර්ශන සිදු කරනු ලබයි.


