මෙගාවොට් 350ක ධාරිතාවයකින් යුතු කෙරවලපිටිය “සොබාදනවි“ LNG බලාගාරය ජාතික පද්ධතියට එක් කෙරේ

මෙගාවොට් 350ක ධාරිතාවයකින් යුතු කෙරවලපිටිය “සොබාදනවි“ LNG බලාගාරය ජාතික පද්ධතියට එක්  කෙරේ
  • SocialShare:

මෙගාවොට් 350ක ධාරිතාවයකින් යුතු කෙරවලපිටිය “සොබාදනවි“ LNG බලාගාරයේ ජාතික පද්ධතියට එක් කිරීම අද(18) සිදු කෙරිණි.

අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය සහ බලශක්ති අමාත්‍ය ඉංජිනේරු කුමාර ජයකොඩි මහතාගේ ප්‍රධානත්වයෙන් මෙය සිදු කෙරිණි.

.පුනර්ජනනීය බලශක්තිය හැකි උපරිමයෙන් භාවිත කිරීම රජයේ ප්‍රතිපත්තිය වන අතරම, ස්ථාවර බලශක්ති ප්‍රභවයක් ලෙස ඉන්ධන ආශ්‍රිත විදුලි බලාගාර පද්ධතියට සම්බන්ධ කර ගැනීමද අත්‍යවශ්‍ය වී ඇති තත්වයක් තුළ සොබාදනවි විදුලි බලාගාරයේ දෙවන පියවර විවෘත කිරීමට අවස්ථාව ලැබීම වැදගත් බව මෙම අවස්ථාවට එක්වෙමින් බලශක්ති අමාත්‍යවරයා පැවසීය. දේශීය ආයතනයක් ලෙස, මෙරට ඉංජිනේරුවරුන්ගේ විශාල දායකත්වය මෙම බලාගාරයේ ඉදිකිරීම්වලට යොදා ගැනීම පැසසිය යුතු කරුණක් බවද හෙතෙම පෙන්වා දුන්නේය.

මෙම අවස්ථාව සඳහා කම්කරු නියෝජ්‍ය අමාත්‍ය මහින්ද ජයසිංහ මහතා,ගම්පහ දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ස්ටෙෆනි ප්‍රනාන්දු මහතා, වත්තල නගරාධිපති බ්‍රිහාන් ආබ්ඩීන් මහතා සහ කඩුවෙල නගරාධිපති රංජන් ජයලාල් මහතා  ඇතුළු පිරිසක් එක්ව සිටියහ.