දිවයින පුරා කම්කරු කාර්යාලවල ජංගම සේවා සතියක් අද(22) සිට

දිවයින පුරා කම්කරු කාර්යාලවල ජංගම සේවා සතියක් අද(22)  සිට
  • SocialShare:

කම්කරු අමාත්‍යාංශය විසින් සංවිධානය කරන ජංගම සේවා සතිය අද (22) සිට ආරම්භ වන බව කම්කරු අමාත්‍යාංශය සඳහන් කරයි.

අමාත්‍යාංශය පැවසුවේ අද ආරම්භවන සමාරම්භක වැඩසටහනින් පසු දිවයින පුරා මෙම ජංගම සේවා සතිය ආරම්භ කිරීමට මේ වන විට සැලසුම් කර තිබේ.

සේවක අර්ථසාධක අරමුදලේ සාමාජිකයින්ගේ ගැටලු විසඳීම, රැකියා පොළ හරහා රැකියා අවස්ථා ලබා දීම, නීති උපදෙස් සහ මග පෙන්වීම ඇතුළු කම්කරු අමාත්‍යාංශයට අයත් බොහෝ සේවාවන් මේ තුළින් ලබා ගත හැකි බවද එම අමාත්‍යාංශය සඳහන් කරයි.